‘‘නිර්භීත, නව ප‍්‍රවණතා සංචාරක කර්මාන්තය ආංගික හා විවිධාංගීකරණයට විවෘත කිරීම’’ යනුවෙන් සඳහන් විශේෂ ගැසට් නිවේදනයක් පළාත් පාලන මැතිවරණය අවසන් වූ වහාම නිකුත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
වසර 2016 වන විට සංචාරකයන් ලක්‍ෂ 25 ක් ගෙන්වා ගැනීම සහ ඔවුන් වැඩි කාලයක් රට තුළ රඳවා ගැනීමේ අරමුණින් නිරුවත් වෙළෙඳ කලාප සහ නිරුවත නීතිගත කළ ප‍්‍රදේශ ඇති කිරීම මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමේ අරමුණ වේ.
හම්බන්තොට, කලූතර - කැලිඩෝ, ගල්කිස්ස, ආරුගම්බේ, කල්පිටිය සහ දෙද්දුව යන වෙරළ තීර හා ඒ ආශි‍්‍රතව සීමා සහිත ප‍්‍රදේශයක් තුළ නිරුවත්ව හැසිරීමට නීත්‍යානුකූලව අවසර ලබා දීම මේ යටතේ සිදු කිරීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.
මෙම කලාප ආශි‍්‍රතව සූදු වීදි සහ ගණිකා නිවාස පවත්වාගෙන යාමටද එම ගැසට් පත‍්‍රය මගින් අවසර ලැබෙන බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
අදාළ ගැසට් නිවේදනය ලබන සතිය තුළ නිකුත් කිරීමට මුලින් සැලසුම් කර තිබුණද, ආණ්ඩුවේ ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ මැතිවරණ සමය තුළ මෙම ගැසට් නිවේදනය නිකුත් කළ හොත්, එය මැතිවරණ ප‍්‍රතිඵලවලට අයහපත් ලෙස බලපෑ හැකි බවයි. මේ නිසා මැතිවරණය අවසන් වන තෙක් අදාළ ගැසට් නිවේදනය නිකුත් නොකිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.
මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීම කඩිනම් කිරීමට හේතුව සූදුව ඇතුලූ රතු වීදිවල (Red Street) පවත්වාගෙන යන ව්‍යාපාර සඳහා මුදල් ආයෝජනය කරන්නන් මෙරටට ගෙන්වා ගැනීමය. තමන්ට ලබාදෙන පහසුකම් සහ තමන් කටයුතු කළ යුතු සීමාවන් පිළිබඳව නීති ඇතුළත් වාර්තාවක් අදාළ ආයෝජකයන් විසින් ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ. එය මෙම ගැසට් නිවේදනය කඩිනම් කිරීමේ තීරණයට හේතු වූ බවද ආණ්ඩුවේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
- සති මැද ලංකා
Post a Comment