ග්රාම සේවකයින් සිටින්නේ ගමේ නිල රාජකාරී කරන්නටය.
නමුත් නිල බලයෙන් අසභ්‍ය රාජකාරී කරන්නට ගිය ග‍්‍රාම නිලධාරී මහතෙකු ගැන ගල්නෑව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කල්ලංචිය, කුඹුක්වැව, තුලානෙන් වාර්තා වනවා.
නිවසකට කවුරුවත් නැති වේලාවේ ගොස් 20 හැවිරිදි තරුණියකට අතවර කළ බව කියන මෙම ග‍්‍රාම නිලධාරියා එම අවස්ථාවේදී ඇගේ නිරුවත් ඡුායාරූප ගෙන ‘මේක කියල තිබ්බොත් මං මේ පොටෝ ප‍්‍රසිද්ධ කරල උඹට ගමේ ඉන්න බැරි කරනවා’ කියා තර්ජනය කර පළා ගොස් තිබෙනවා.
මේ ගමේම පදිංචි දෙදරු පියකු බව කියන ග‍්‍රාම නිලධාරියා අතවරයට ලක්වූ තරුණියගේ සොයුරාගේ හිතවතකු බවත් නිතර එම නිවසට ආගිය බවත් පැවසෙන අතර සිද්ධිය වූ දිනයේ කවුරුත් නැතිබව කල් ඇතිව දැනගෙන සැලසුම් සහගතව තරුණිය වෙත පැමිණ ඇත.
සිද්ධියෙන් පසුව ග‍්‍රාම නිලධාරියාගේ වචන වලට බිය නොවූ තරුණිය ගල්නෑව පොලිසියට මේ ගැන පැමිණිළි කර තිබෙන අතර පොලිසිය ඇයව රෝහල් ගතකර අධිකරණ වෛද්‍ය වාර්තාවක්ද කැඳවනු ලැබීය.
මේ විස්තරය අනුව ග‍්‍රාම නිලධාරියා අල්ලන්ට පොලිසිය ගියත් ඔහු නිවසින් පළා ගොස් ඇති බව සැලවී තිබිණි. නමුත් පොලිසිය මග හරිමින් සිටි මේ ග‍්‍රාම නිලධාරියා ගල්නෑව ප‍්‍රදේශයේ දී දින කිහිපයකට පසු පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ස්තුතියි ගොසිප් ලංකා
- හර්ෂි -
Post a Comment