හමුදා භටයෙකු විසින් දූෂණය කිරීමේ සිද්ධිය

ආසියානු මානව හිමිකම් කොමිසමේ පණිවිඩය

ශී‍්‍ර ලාංකික සමාජයේ පවතින දරුණු බව හා ප‍්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් සමාජමය විමර්ශනයක් පවත්වන්නැයි ආසියානු මානව හිමිකම් කොමිසම විවෘත ඉල්ලීමක් ඉදිරිපත් කරයි., කහවත්තේදී කාන්තාවන් සත්දෙනෙකු ඝාතනය කිරීම හා ‘ගී‍්‍රස් යකුන්’ පිළිබඳව රටපුරා ඇතිව තිබෙන බිය පිළිබඳව ද එම නිවේදනයෙහි කරුණු දක්වා තිබේ.

එම කොමිසම නිකුත් කර ඇති නිවේදනයකින් ඉල්ලා ඇති එවැනි විමර්ශනයකට ආසන්නතම හේතුව වශයෙන් දක්වා ඇත්තේ තෙලිජ්ජවිල රාජකීය විදුහලේදී 10 හැවිරිදි දැරියක හිටපු ගුවන් හමුදා භටයෙකු විසින් දූෂණය කිරීමේ සිද්ධියයි.
එමෙන්ම

එල්ටීටීඊයට එරෙහිව යුද්ධය පැවති සමයේ, ආරක්‍ෂක හමුදා භටයින්ට ඕනෑම කි‍්‍රයාවක් කිරීමට ලබාදුන් පූර්ණ නිදහස යුද්ධය අවසන් වීමෙන් පසුව සමස්ත රටටම බලපා ඇතැයි ආසියානු මානව හිමිකම් කොමිසම කියා සිටී.

‘ගී‍්‍රස් යකුන්’ සම්බන්ධයෙන් සිද්ධීන්වලදී ජනතාව නීතිය අතට ගතහොත් ත‍්‍රස්ත මර්දන නීති භාවිතා කොට ඔවුන් මර්දනය කරන බවට ආණ්ඩුව කර ඇති ප‍්‍රකාශය සම්බන්ධයෙන් ද එම කොමිසම අදහස් දක්වා ඇත.

එමනිසා, සමාජයේ පවතින දරුණු බව හා ප‍්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් සමාජමය විමර්ශනයක් පවත්වන්නැයි ආසියානු මානව හිමිකම් කොමිසම ශී‍්‍ර ලාංකික ජනතාව සහ ජාත්‍යන්තර ප‍්‍රජාවෙන් ඉල්ලා සිටී.

Tell a Friend