යුද හමුදා මූලස්ථානය පැවැති අක්කර 32 ක ඉඩම තම තමන්ගේ විදේශීය අයෝජකයින්ට ලබාදීම සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ පුත් නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයා සහ ජනාධිපති සොයුරු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා අතර යළිත් ගැටුමක් හට ගෙන තිබේ.
හොංකොංහි ‘ෂැන්ගි‍්‍රල්ලා’ සමාගමට හමුදාව සතුව තිබූ ඉඩමෙන් අක්කර 10 ක් සින්නක්කරව ලබාදී දුන් පරිදි චීනයේ ‘කැටික්’ සමාගමට එම ඉඩමෙන් තවත් අක්කර 10 ක් සින්නක්කරව ලබා දෙන ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා කැබිනට් මණ්ඩලයට ගෙන ආ යෝජනාව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ප‍්‍රතික්‍ෂෙප කිරීම මෙම ගැටුමට ආසන්නතම හේතුව වී තිබේ.
මින් ඉදිරියට විදේශීය ආයෝජකයන්ට ශී‍්‍ර ලංකාවේ ඉඩම් සින්නක්කරව ලබා නොදිය යුතු බවට ජනාධිපතිවරයා එහිදී දැඩි ලෙස ප‍්‍රකාශ කර ඇති අතර, ‘කැටික්’ සමාගමට අක්කර 10 ක් ලබාදිය නොහැකි බවත්, ඔවුනට අක්කර පහයි රූඞ් 3 ක් ලබාදිය හැකි බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇත. එයද ලබාදිය හැක්කේ අනූනම අවුරුදු බදු පදනම මත බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය තුළදී මෙම තීරණය ගන්නා මොහොත වන විටත් ‘කැටික්’ සමාගම ගාලූ මුවදොරින් අක්කර 10 ක් සින්නක්කරව ලබා ගැනීම සඳහා ඩොලර් මිලියන 135 ක මුදලක් මුදල් අමාත්‍යංශයට ගෙවා තිබිණ.
ලෝකයේ ප‍්‍රධාන පෙළේ සංචාරක හෝටල් ජාලයක් පවත්වාගෙන යනු ලබන හොංකොංහි ‘ෂැන්ගි‍්‍රල්ලා’ සමාගමේ නිල නොලත් දේශීය නියෝජිතයා ලෙස නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයා කටයුතු කරන අතර, එහි සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන්නේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජින් වාස් ගුණවර්ධන මහතාය.
එසේම, චීනයේ ‘කැටික්’ සමාගමේ දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයාට හිතවත් ‘ඇවික් ඉන්ටර්නැෂල් හොටෙල්ස් ලංකා’ සමාගමයි. ‘කැටික්’ සමාගම පසුගිය යුද සමයේදී ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට මහා පරිමාණයෙන් යුද උපකරණ සැපයූ සමාගම් වන අතර, ලංකාවේ සංචාරක ව්‍යාපාරය සඳහා ඔවුන් ඉදිරිපත් වුවද ඔවුන් සතුව ඇත්තේ බීජිං නගරයේ කාමර 334 කින් සමන්විත එක් හෝටලයක් පමණි.
මෙම ඉඩම් ගනුදෙනු පිටුපස මහා පරිමාණයේ කොමිස් ගනුදෙනුවක් සිදු වී ඇත.
ගාලූ මුවදොර වාණිජ වටිනාකමින් යුතු ඉඩම් කොල්ලකෑම සඳහා රාජපක්‍ෂවරුන් අතර මෙසේ බලවත් අරගලයක් ඇති වූ ආකාරයටම මීට ඉහතදී හම්බන්තොට වරාය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ලබා ගැනීම සම්බන්ධයෙන්ද රාජපක්‍ෂ පවුල අතර ගැටුම් ඇති විය. එහිදී හම්බන්තොට වරායේ ඉදිකිරීම් කටයුතු සඳහා බැසිල් රාජපක්‍ෂ මහතා විසින් චීනයේ ‘චයින හාබර්’ සමාගම මෙරටට ගෙන ඒමට උත්සාහ කළ අතර, ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය එම ව්‍යාපෘතිය තමා බෑනා කොනෙකු වන ඩිල්ෂාන් වික‍්‍රමසිංහ මහතාට ලබාදීමට උත්සාහ කළේය.
එහිදී ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත රාජපක්‍ෂ පවුලේ ප‍්‍රශ්නයට මැදිහත් වූ හිටපු වරාය අමාත්‍ය මංගල සමරවීර මහතා දෙපාර්ශ්වය සමග සාකච්ඡා කොට එකී සමාගම් දෙකටම එකතු වී හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා අදාළ සමාගම් දෙක ඒකාබද්ධ කොට වෙනම ව්‍යාපෘති වාර්තාවක් ලබා දෙන ලෙස චීන රජයට දැනුම් දී තිබිණ.
හම්බන්තොට වරායේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබුවේ එසේ චීන සමාගම් දෙකක් විසින් ඒකාබද්ධව ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති වාර්තාවක් පදනම් කර ගනිමිනි.

Source :- Lanka News Web

Post a Comment