ඇමෙරිකාවේ රැකියා වියුක්තිය 9%




කිෂානි වැලිවිටිගොඩ

ධවල මන්දීරයේ අය වැය සහ කලමනාකරණ ඒකකය විසින් නිකුත් කොට ඇති නවතම වාර්තාවකට අනුව එළඹෙන වසරේදී එනම් 2012 දී එරට  රැකියා වියුක්තිකයන්ගේ ගණන 9% ක් වනු ඇත.

 ඊයේ නිකුත් කළ අදාල වාර්තාවට මේ වසරේදී එරට රැකියා විරහිත අයගේ සංඛ්‍යාව 9.1% ක් වන අතර එය ඒ අකාරයෙන්ම එළඹෙන වසරේදීද පවතිනු ඇති බව දක්වා තිබේ. අදාළ වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන පරිදි  2016 වනතෙක් ඇමෙරිකාවේ රැකියා විරහිතයන්ගේ ගණන 6 % සීමාවෙන් අඩු නොවනු ඇත.

Tell a Friend