වී එෆ්එම් ප්‍රදානියට එල්ල වූ මැර ප්‍රහාරය හෙලා දකිමු.


වී එෆ්එම් නාලිකාවේ ප‍්‍රධාන විධායක නිලධාරී රුවන් සුගතදාස මහතාට නාඳුනන සන්නද්ධ පිරිසක් පහර දී තිබේ.

බොරලැස්ගමුවල ගංගාරාම පාරේ පිහිටි සුගතදාස මහතාගේ නිවසට අද රාත‍්‍රී 7ග00ට පමණ කඩා වැදී ඇති නාඳුනන සන්නද්ධ තිදෙනෙකු මෙම පහරදීම සිදු කොට පලා ගොස් තිබේ. ඔවුන් පැමිණ ඇත්තේ උඡුරැු ඨ් 11893 අංක දරණ ජීප් රථයෙනි. අසාධ්‍ය තත්ත්වයේ පසුවන රුවන් සුගතදාස මහතා මේ වන විට පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබූ බවත් මෙම පහරදීම සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසියට පැමිණිලි කළ බවත් වී එෆ්එම් නාලිකාවේ සභාපති දුමින්ද මායාදුන්න මහතාිශ‍්‍රී ලංකා මිරර්’ වෙත පැවසී.

-හර්ෂි-
Tell a Friend