ඊජිප්තුව: දූෂිත ඇමති වසර 07 ක් සිපිරි ගෙට

කිෂානි වැලිවිටිගොඩ

රජය දේපල අයතා ලෙස පරිහරණය කරමින් දුෂණ රැසක් සිදු කළ බවට චෝදනා එල්ල වූ ඊජිප්තුවේ හිටපු තොරතුරු අමාත්‍ය වරයා වසර 07 ක සිර දඬුවමකට යටත් කරනු ලැබීය. අනාස් අල් ෆෙකි නමැති අදාළ අමාත්‍ය වරයා පසුගිය පෙබරවාරි මාසයේදී අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු සහ ඔහු විසින් එරට ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය වලට පත් කළ ප්‍රධානියෙකු වන ඔසාමා අල් සෙයික් එක් වී අදාළ දූෂණ සිදු කොට ඇති බව අධිකරණය ඉදිරියේදී ඔප්පු කරනු ලැබීය.

අදාළ ඇමතිවරයා සහ සගයා දූෂණය කළ දේපල වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන් 1.6 කි. ඒ අනුව අදාළ අමිති වරයාගේ සගයා වන ඔසමාද වසර 5 ක සිර දඬුවමකට යටත් කරනු ලැබීය.

Tell a Friend