කිෂානි වැලිවිටිගොඩ
එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් හී පදිංචි වයස අවුරුදු 26 ක් වන භෞතික විද්‍යා උපාධි ධරයෙකු වන රෙස්වාන් ෆෙර්දස් පෙනටගනටයට සහ කොන්ග්‍රස් මණ්ඩලයේරැස්වීම් පවත්වනු ලබන කැපිටාල් ගොඩනැගිල්ලට දුරස්ථ පාලක ගුවන් යානා අනුරුවක් භාවිතා කොට ගුවනින් පහර දීමට තැත්කළ බව චෝදනා කරමින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු අදාළ ගුවන් යානා අනුරුවට C4 වර්ගයේ පුපුරනද්‍රවය පුරවා තිබු බව එෆ්. බී. අයි. නියෝජිතයෙක් මාධ්‍යට ප්‍රකාශ කළේය.
බොස්ටන් හී පිහිටි ඊශානදිග විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යාවට සම්බන්ධ උපාධියක් ලබාගත් හෙතම මීට පෙර විදේශයන් හී සිටින ඇමෙරිකානු හමුදාවන්ට පහර දීම සඳහා පුපුරන ද්‍රව්‍ය සහ අනෙකුත් උපකරණ අල කයිඩා සංවිධානයට ලබා දුන් බවටද චෝදනා එල්ල වී තිබේ.
කෙසේ වෙතත් ෆෙර්දස්ට සමබන්ධ ආරංචි මාර්ග සඳහන් කරනු ලබන්නේ එෆ්. බී. අයි. සංවිධානය තමන්ට විරුද්ධව අසත්‍ය චෝදනා ගොනු කොට ඇති බවයි. එසේම අදාළ ආයතනය විසින් අත්අඩංගුවට ගත් C4 වර්ගයේ පුපුරන ද්‍රව්‍ය සත්‍ය ඒවා නොවන බවත් එහි ඉතාමා කුඩා ප්‍රමාණයක් සත්‍ය C4 තිබූ බවත්ය. එසේම ඔහුට කිසිඳු විදෙස් ත්‍රස්තවාදී කල්ලියක් සමඟ කිසිඳු ගනු දෙනුවක් නොතිබූ බවද සඳහන් වේ.

Post a Comment