කිෂානි වැලිවිටිගොඩ
අද ( Aug. 10) වන විට තෙවැනි දිනටත් ලන්ඩනය ඇතුළු නගර රැසක කැරලි කෝලාහල පැතිරී ගොස් ඇති අතර එකසත් රාජධානිය පුරාම ත්‍රාසජනක තත්වයක් හට ගෙන ඇත. සෑම විදියකටම පාහේ පොලිසිය කැඳවා ඇති අතර තත්වය කෙසේ හෝ පාලනය කිරීමට පොලිසියට ආරක්ෂක අංශ විසින් නියෝග කොට ඇත.
ලැබෙන අලුත්ම වාර්තා වලට අනුව කෝලාහල වලින් තිදෙනෙකු එනම් එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු සහ ඔවුන්ගේ මිතුරෙකු ප්‍රහාරවලින් මිය ගොස් ඇත. මේ අතර ආරක්ෂක අංශ උපුටා දක්වන පුවත් ආයතන වලට අනුව සිදුවීම් වලින් 1068 දෙනෙකු ඇත අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 167 දෙනෙකුට විරුද්ධව දඬුවම් ලබා දී ඇත.
පසුගිය සෙනසුරාදා ප්‍රථමවරට කැරලි කෝලාහල හටගත්තේ ලන්ඩනය අසාන්නයේ පිහිටි ටෝටෙංහම් නගයේ පවතී සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරයකට පොලිසිය කඩා පැන වෙඩි තැබීමෙන් 29 හැවිරිදි මාර්ක් දුගන් මිය යාමෙන් පසුය.
Post a Comment