එක්සත් ජනපදය: ඇමෙරිකානු අධිධ්වානික අහස් යානයේ පරීක්ෂණ අසාර්ථකයි

නිවැරදිව නිෂ්පාදිත දිනයක් සඳහන් නොකරනු ලැබූ ෆෝල්කන් අධිධවනික තාක්ෂණික යානා 2 නමැති යානයේ සේයාරුවක් පිසුගිය අගෝස්තු 11 වනදා ඇමෙරිකාව විසින් නිකුත් කරනු ලැබීය. - රොයිටර්

කිෂානි වැලිවිටිගොඩ

ලොස් ඇන්ජලීස් සිට නිව්යෝර්ක් දකවා විනාඩි 12 න් ගමන් කිරීමට හැකි අධිධවනික ( hypersonic ) ගුවන් යානය ඊයේ ගුවනට මුදා හල නමුත් ගුවන් ගත කොට පැය භාගයකින් පමණ රේඩාර් සම්බන්ධතාවය ඇන හිට ඇත.

උසස් ආරක්ෂක පර්යේෂණ ආයතනය නමැති පෙන්ටගනයට අනුබද්ධ ආයතනය විසින් අදාළ යානය නිර්මාණය කළ අතර අදාළ නියමුවන් රහිත ගුවන් යානය ෆෝල්කොන් අධිධ්වානික පරීක්ෂක යානා අංක 2 ( HTV 2 ) ඊයේ ( අගෝස්තු 11 ) ) කැලිෆෝනියාවේ වෙන්දෙන් බර්ග් ගුවන් කඳවුරෙන් ගුවනට යොමු කරනු ලැබුවේ මොන්ටර් 4 රොකට්ටුවක් ආධාරයෙනි.

කෙසේ වෙතත් ගුවන් ගත කොට විනාඩි 32 ක් ඇතුලත යානය සමඟ තිබු සම්බන්ධතා නැති විය. අදාල යානය ඇමෙරිකානු විශේෂ ගෝලීය ආරක්ෂක පර්යේෂණ ව්‍යාපෘතිය යටතේ නිර්මාණය කිරීම ආරම්හ කරනු ලැබුවේ පසුගිය මාර්තු මාසයේදීය, ඊට පැයට කිලෝ මීටර් 13, 000 ක් ( ශබ්දයේ වේගයට වඩා විසි ගුණයකි ) වේගයෙන් ගමන් කළ හැකි අතර ගුවන් ගත කොට පෘතුවි සීමාවෙන් ඉහල එනම් අභ්‍යවකාශයට ගොස් යළිත් එම වේගයෙන්ම තම ඉලක්කය කරා පැමිණි අවශ්‍ය තොරතුරු එක් රැස් කළ හැකි බව අදාළ යානය පිළිබඳව පර්යේෂණ කරනු ලබන ආයතනේ වෙබ් අඩවියේ සඳහන් වේ.

Tell a Friend