සමුල ඝාතනයෙන් ජීවිත රැක ගත් අය නැවතත් උටෝයා දුපතෙහි සංචාරයක



කිෂානි වැලිවිටිගොඩ

නොර්වේ හි පසුගිය මස සමුල ඝාතනය කිරීම සඳහා එල්ල කල ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් ජීවිත රැක ගත් පුද්ගලයින් විශාල ප්‍රමාණයක් සිද්ධියෙන් පසු ප්‍රථම වරට ඔස්ලෝ නුවරට ආසන්නයේ පිහිටි උටෝයා දුපතෙහි සංචාරයක යෙදුනු බවට විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

නොර්වේ ආරක්ෂක අංශ එක්ව සංවිධානය කල උටෝයා දුපතට සංචාරයට ජීවිත රැක ගත් පුද්ලයින් ඇතුළුව ඔවුන්ගේ ඥාති හිත මිත්‍රාදීන් 750 කට අධික ප්‍රමාණයක් සහභාගී වී ඇත. ක්‍රිස්තියානි හා මුස්ලිම් දේව ගැතිවරුන්, වෛද්‍යවරුන් හා මනෝචිකිත්සකවරුන් ඇතුළු කණ්ඩායම් මෙම වැඩසටහනට සහභාගී වුයේ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මානසික කම්පනයකට ලක් වුවන් පුනරුප්තාපනය කිරීමට ඔවුන්ගේ සහයෝගය දැක්වීම සඳහාය.

දුපතට එල්ල කල ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් බොහෝ දෙනෙක් තම ජීවිත බේරා ගත්තේ දුපත අවට තිබු ජලාශ වලට පිහිනමින් හා ගල් අතර සැඟවෙමින් බව ඔවුන් සඳහන් කරයි. 

Tell a Friend