මුබාරක් පිළිකාවකින් පිඩා විඳින්නේ නෑ.


කිෂානි වැලිවිටිගොඩ

හිටපු ඊජිප්තු පාලක හොස්නි මුබාරක් පිළිකාවකින් පිඩා නොවිඳින බව අලුත්ම විදෙස් වාර්තා වලින් හෙළි වේ. 83 හැවිරිදි ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් ගේ නීතින්‍යවරයා වන ෆාරීඩ් අල් දීබ් විසින් ප්‍රකාශ කර ඇත්තේ මුබාරක් උදර පිළිකාවකින් පීඩා විඳින අතර පසු ගිය මස ඔහු මානසික ආඝාත තත්වයකට ලක් වූ බවය. නමුත් සියලුම වෛද්‍ය වාර්තාවන්ට අනුව මුබාරක්ට උදර පිළිකාවක් නොමැති බවට සනාථ වේ.

මුබාරක්ට සිදු කල අවසන් වෛද්‍ය පරීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ මුබාරක් වකුගඩු සහ හදවත් රෝගී තත්වයට පත් වී ඇති බව ඊජිප්තු පුවත්පත් වාර්තා කරයි. කෙසේ වෙතත් මේ දින වල මුබාරක්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සිදු කරමින් පවතින අතර ඉදිරි දින කිහිපය තුලදී ඔහුව තවත් වෛද්‍ය පරීක්ෂණ වලට ඉදිපත් කිරීමට නියමිතව ඇත. ඉදිරියට සිදු කිරීමට ඇති වෛද්‍ය පරීක්ෂණ මගින් මුබාරක්ගේ රෝගී තත්වය නිශ්චිතවම තව දුරටත් තහවුරු කර ගැනීමට හැකි වේ. 

Tell a Friend