සිරියාව : සෑම රටකටම අයිති ස්වාධිපති බලය අපෙන් උදුරන්න එපා

සිරියානු ජනාධිපතිවරයා තම නව ආරක්ෂක ඇමතිවරයා වන ජනරාල් රාජා පසුගිය අගෝස්තු 9 වනදා  හමු වූ අවස්ථාව. පසුගිය සඳුදා හෙතම ආරක්ෂක ඇමති ධූරය සඳහා ජනරාල් වරයා පත් කරණු ලැබුවේය. 
කිෂානි වැලිවිටිගොඩ

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිරියානු තානාපතිවරයා වශයෙන් සේවය කරන බෂර් ජෆාරී රටකට හිමි ස්වාධිපති බලය වූ කලි එම රටේ සීමාවේ රතු ඉර බවත් එය කිසිවෙකුට උල්ලංඝනය කළ නොහැකි බවත් සඳහන් කළේය.

"අපි කැප වෙලා ඉන්නේ කුමටද අපේ පොරොන්දු මොනවාද කියන එක අපි හොඳට දන්නවා ඒවගේම අපි අපට හිමි අයිතීන් ගැනත් වඩා හොඳින් දන්නවා. දේශපාලනික වශයෙන් බලපෑම කිරීමෙන් අපේ අයිතිය උල්ලංඝනය කරන්න බෑ. යම් දෙයක් සිදු විය යුත්තේ දේශපාලනික වශයෙන් සිදු විය යුතු අවබෝධය සහ එකඟතාවය මතයි," යැයි තානාපති වරයා ඊයේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ පැවති සැසිවාරයෙන් පසු ප්‍රකාශ කළේය.

තානාපතිවරයා බ්‍රිතානයේ පවතින කරලිකාරිත්වය පිළිබඳව ආන්දෝලනාත්මක ලෙස කතා කළ අතර එහිදී ඔහු සිරියාවේ තත්වය ගැන කරුණු දක්වමින් කියා සිටියේ ආණ්ඩු විරෝධී කරලිකාරින් විසින් සිරියානු ආරක්ෂක අංශ වල සාමාජිකයින් 500 කට වැඩි පිරිසක් කැරලිකරුවන් විසින් මරා දමා ඇති බවයි.

කෙසේ වෙතත් මානව අයිතිවාසිකම් ගැන කටයුතු කරන සංවිධාන වලට අනුව පසුගිය මාර්තු මාසයේ සිට හටගත් කැරලි කාරිත්වය නිසා සාමාන්‍ය වැසියන් 1700 ක් පමණ මිය ගොස් ඇත.

මේ අතර තානාපතිවරයා යුරෝපානු තානාපතිවරුන්ට චෝදනා කරමින් ඔවුහු සිරියාවේ පවතින තත්වය ගැන වැරදි අවබෝධයකින් කතා කරමින් සිටින බවත් එහිදී සත්‍ය වසන් කරමින් බොරු කියන බවත් ප්‍රකාශ කළේය.

Tell a Friend