චීනය : රුසියාවෙන් ගත් ගුවන්යානා ප්‍රවාහන නෞකාව තර්ජනයක් නොවේ

කිෂානි වැලිවිටිගොඩ

චීනය විසින් මිලදී ගනු ලැබූ ප්‍රථම ගුවන් යානා රැගෙන යන නෞකාව ආසියානු පැසිෆික් කාලාපයේ බල තුලනයට හානියක් නොවන බව ඒ පිළිබඳව කරණු දක්වන රුසියානු විශාරදයෙක් සඳහන් කළේය.

මොස්කව් මුලස්ථානය කර ගනිමින් ක්‍රියාත්මක වන ක්‍රමෝපාය සහ තාක්ෂණික විශ්ලේෂක කේන්ද්‍රයේ සභාපති රස්ලන් පුක්කොව් සඳහන් කරන ආකාරයට ඊයේ ( අගෝස්තු 10) චීනය විසින් පළමු වරට ආසියානු ෆැසිෆික් මුහුදේ අත්හදහා බලනු ලැබූ ගුවන් යානා අංගනයක් ඇතුලත් නෞකාව කලාපයේ බල තුලනයට කිසිඳු හානියක් නොකරන අතර චීනයේ අභිමානයට සහ ජාතික ආරක්ෂාවට මහඟු පිටිවහලක් වේ.

මේ වනවිට ගුවන් යානා රැගෙන යාමට හැකි නෞකා 21 ක් ලොව පුරා ඇති අතර ඒවා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, රුසියාව, ස්පාඥ්ඥය, ඉතාලිය, ඉන්දියාව, බ්‍රසීලය, සහ තායිලන්තය සතුය.
මින් බෝහෝමයක් ඒවා හමුදා මෙහෙයුම් සඳහා යොදා ගනු ලබයි. කෙසේ වෙතත් චීනය විසින් සේවයට යොදවනු ලැබූ නෞකාව හමුදා මෙහෙයුම් සඳහා යොදා ගැනීමට නොහැකිය . එය මුලික වශයෙන් පුහුණු කටයුතු සඳහා යොදා ගනු ඇත.

වර්යග් නමැති අදාළ නෞකාව රුසියාවෙන් මිලදී ගනු ලැබුවේ ඇමෙරිකානු ඩොලර් මිලයන් 20 කටය. ටොන් 33,000ක බරකින් යුතු එය සෝවියට් සමුහාණ්ඩුව පැවති සමයේදී තනනු ලැබූ එකකි. ඇතැම් ආරක්ෂක විශ්ලේෂකයින්ට අනුව මෙය සුදු අලියෙකි. එම නිසා චීන මධ්‍යම ආණ්ඩුවට අයත් නමුත් වෙනම පරිපාලනයක් ඇති මැකාවෝ හී සුදු සෙල්ලමේ යෙදෙන්නන් සඳහා පාවිච්චි කළ හැකි බව සඳහන් වේ. කෙසේ වෙතත් ඉදිරි වසර 20 අතුලත  චීනය විසින් තමන්ගේ නාවික බලය සැලකිය යුතු මට්ටමෙන් වර්ධනය කරණු ඇති බව වාර්තා වේ.

Tell a Friend