ළමා රැදවුම් මද්‍යස්ථාන සහ ළමා අපචාර

හර්ෂි සි. පෙරේරා
ඔවුන්ව පාසල් වේලාවෙන් පසුව එම ළමා නිවාසයේ උරු කොටුවේ සහ වෙනත් කොටුවල සතුන් රැක බලා ගැනීම සහ වැඩ කිරීම ළමයින්ට අනිවාර්ය වී ඇති අතර බොහෝවිට ළමුන්ට ආහාර හෝ වතුර ලබාදී නැත.

පහත සදහන් ළමා අපචාර වාර්තා වන්නේ මග්ගොන, දියලගොඩ, ශාන්ත වින්සන්ට් පාරේ දොන් බොස්කෝ පිරිමි ළමා නිවාසයෙන් සහ මාකොළ රිමාන්ඩ් බන්දනාගාරයෙනි.

අපචාර වලට ලක්වූ ළමුන් තිදෙනා වන්නේ ශිව ශිවනේශ්වරම් ශිවලිංගම්(අවු 15) අයේෂ් උපශාන්ත (අවු 15) සහ දයා අනුෂත්ය.

මෙම ළමුන් තිදෙනා 10 වන ශ්‍රේණිය දක්වා අද්‍යාපනය ලබා ඇත. ඔවුන් කියා සිටියේ මග්ගොන, දියලගොඩ, ශාන්ත වින්සන්ට් පාරේ දොන් බොස්කෝ පිරිමි ළමා නිවාසයේදී ඔවුන් විවිද ළමා අපචාර වලට ලක්ව ඇති බවයි.

ඔවුන්ව පාසල් වේලාවෙන් පසුව එම ළමා නිවාසයේ උරු කොටුවේ සහ වෙනත් කොටුවල සතුන් රැක බලා ගැනීම සහ වැඩ කිරීම ළමයින්ට අනිවාර්ය වී ඇති අතර බොහෝවිට ළමුන්ට ආහාර හෝ වතුර ලබාදී නැත.
2011.01.10 හෝ අසන්න දිනකදී පාසල් වේලාවෙන් පසු එලෙස ආහාර තේ හෝ ජලය නොදී උරු කොටුවේ වැඩ කිරීමෙන් පසු කුසගින්න මත ළමුන් තිදෙනාව පයාගල පොලිසියට බොරු පැමිණිල්ලක් මත බාර දී ඇත.

පොලිසියට බාර දීමට පෙර එම නිවාසයේ පාලක සුවාමි ගුරුවරුන් සහ සේවකයින් දරුවන්ට පහරදී ඇත.
ශිවා නමැති දරුවා ළමා නිවාසයක උපත ලබා ඇති අතර පරිවාස නිලදාරීන් විසින් ඔහුගේ මවගෙන් වෙන්කර ළමා නිවාස ගත කර ඇති අතර අද වනතුරු මෙම දරුවා තම මව ගැන කිසිදු තොරතුරක් හෝ ඇය සිටින ස්ථානයක් නොදනී.

ඉහත තොරතුරු ලබා ගත්තේ ශ්‍රේෂ්ටාදිකරන මුලික අයිතිවාසිකම් ඉල්ලුම්පත් අංක : 310/2011 මගිනි.

මෙහි පෙත්සම්කාරක පාර්ශවය නිතිය සහ සාදාරනත්වය සදහා වන පදනමයි. වගඋත්තරකරුවන් ලෙස පි. පි. දී සෝමරත්න, බස්නාහිර පළාත් පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ඩබ්ලිවු. සි ප්‍රියංගනී පරිවාස නිලදාරී, කළුතර පරිවාස කාර්යාලය, ශිවා ශිවනේශ්වරන් ශිවලිංගම්, මාකොළ පිරිමි ළමා රිමාන්ඩ් නිවාසය, අනෝමා දිසානායක, සබාපතිනිය, ජාතික ළමා ආරක්ෂක අදිකාරිය, සහ නීතිපති නම් කර ඇත.

Tell a Friend