අමිල ගුණරත්න
එජාපය ගැන ජනතාවට විශ්වාසයක් නෑ යයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝසි සේනානායක පැවසූ බව 2007 අගෝස්තු 5 ඉරිදා දිවයින වාර්තා කරයි. වැඩි දුරටත් එජාපයේ වත්මන් තත්වය ගැන පවසන ඇය......" පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට පරාජයක් අත්වූයේ පැහැදිලිවම පාක්ෂිකයාට සහ ජනතාවට එ.ජා.ප.ය ගැන විශ්වාසයක් නොමැති කමත්, පක්ෂය ගැන කලකිරීමක් ඇතිවූ නිසායි. එය ඉතාමත් පැහැදිලියි. මම විශ්වාස කරනවා අපි ඉකුත් මහ මැතිවරණයේදී ගත්ත ප්‍රතිශතයට වැඩිය මාර්තු මාසේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී අපිට 34% දක්වා ඉහළ දමාගන්න පුළුවන්කමක් ලැබුණේ දෙසැම්බර් මාසේ 12 වැනිදා අපි එ.ජා.ප. නව ව්‍යවස්ථාවක් සම්මත කරගත්ත නිසායි. එම ව්‍යවස්ථාවෙන් බොහෝ දෙනකුගේ බලාපොරොත්තුව වුණේ, සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ පක්ෂයේ නායකත්වය අරගෙන පක්ෂයේ යම් වෙනසක් ඇති කරයි කියලා. ඒ බලාපොරොත්තුව නිසාම ප්‍රතිශතය 34% කට නැඟුණා. නමුත් මේක 22% ට බහින්න හේතුව තමයි එදා ඒ මාර්තු 24 දා පැවැති අවදානම් කෘත්‍යාධිකාරි මණ්ඩලය තිබුණු දවසේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ජ්‍යෙෂ්ඨයන්ගේ ඉල්ලීමක් පරිදි සහ ප්රතිසංවිධාන පිලේ හිටපු සමහර අයෙක් පක්ෂයේ සමගිය වෙනුවෙන් තීරණයක් ගන්න කියමින්, ඔහුටත් යම්කිසි බලතල දෙමින් ක්‍රියා කළා. එදා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිව්වෙ පක්ෂය තුළ ක්‍රියා කරන්න අවස්ථාවක් දෙනවා කියූ නිසායි එතුමා නියෝජ්‍ය නායකකම භාර අරගෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමාට නැවත වාරයක් නායකත්වය භාර දුන්නේ. ඒ භාරදීමට අන්තර් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙක් විදිහට මමත් ඊට එකඟ වුණා. මගේ බලාපොරොත්තුව සුන්වුණු ආකාරයට රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය භාරගෙන ඊට පහුවෙනිදා සිට සජිත් ප්‍රේමදාස මැතිතුමාව කිසිම සාකච්ඡාවකට හෝ තීන්දු තීරණ ගැනීමේ අවස්ථාවලට සහභාගි නොකරගෙන සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ඉල්ලීම් සලකන්නේ නැතිව මාර්තු මාසේ 28 වැනිදා ජාතික සංවිධායක හැටියට රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමාගේ නම යෝජනා වෙලා ස්ථිර වෙද්දිත් ඒක පැත්තකට දාලා, අමු අමුවේ ව්‍යවස්ථාවේ අට, පහ වගන්තිය උල්ලංඝනය කරමින් මේ පක්ෂයේ දක්ෂයින්ව පැත්තකට දාලා වෙනමම ගමනක් වෙනමම පිරිසක් එක්ක යන්න පටන් ගත්තා. මේ වාගේ ක්‍රියාදාමයන් හේතුවෙන් පක්ෂය තුළ කිසිම විශ්වාසයක් තබාගන්න බැරිවීම නිසා එ.ජා.ප. පාක්ෂිකයන් එක කොටසක් ඡන්ද පොළට ගියේ නෑ. දෙවනුව තමයි පක්ෂ නායකත්වයෙන් මේ මැතිවරණයේදී අපේක්ෂකයන්ට ලැබිය යුතු සහයෝගය ලැබුණේ නැහැ. අපි යම්කිසි තරගයකට යනවා නම් ප්‍රතිවාදීන්ගේ ශක්තිය, සැලසුම්, මොනවාද කියලා හඳුනාගත යුතුයි. නමුත් අපේ එහෙම සැලැස්මක් තිබ්බේ නැහැ. අපේ අපේක්ෂකයන්ට අවශ්‍ය ශක්තිය හෝ පක්ෂයේ නායකයා බිම් මට්ටමෙන් ඉඳගෙන පක්ෂයේ උන්නතිය තකා සටන් කරන්න නායකත්වය දිය යුතුයි. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයා එහෙම පැහැදිලි දෙයක් කරනවා අපි දැක්කේ නැහැ. දැන් ගත්තොත් අපේ රටේ බහුතර ඡන්දදායක පිරිසක් ඉන්නේ කාන්තාවෝ. උතුර නැගෙනහිරත් ඇතුළුව ඒ කාන්තාවන්ගේ ඡන්ද දිනා ගැනීමට අපේ පක්ෂයේ කාන්තා පෙරමුණු හරහා නිශ්චිත කාර්යභාරයක් ඉටු කෙරුණා ද කියන ගැටලුව තිබෙනවා.
සටහන
රෝසි සේනානායක සෙමෙන් සෙමන් ආණ්ඩුව පැත්තට කරණමක් ගසාවිද යන සැකය දැන් ඇතිවී තිබේ. එජාපයට පෙනෙන තෙක් මානයේ බලයක් ලැබෙන පාටක් නැත. බලය ඇත්තේ හොඳින් රට වළදති. තමන්ට රට උලා කන්නට අවස්ථාවක් නොලැබෙන්නේ නම් ජොනී වගේ කරනමක් ගැසීමට එජාපයේ බලකණු දැන් ඇඟිලි ගනිමින් සිටිති.
Post a Comment