බදුරලිය පොලිසිය ලිංගික අතවර සමත කරන්නේ කෙසේද?


හර්ෂි සි. පෙරේරා

ටෝච් එක ගසා බලන විට ඇගේ නුල් පොටක් නැති මිනිසෙක් තවමත් වැඩ නිමවී නැති නිවසේ පියන් සවි නොකළ ජනේලයකින් පැන දිවුවේය. මේ අපරාදකරු ගමේ සුමිත් රූපසිංහ බවට හදුනා ගැනිණි.

කෙලින්කන්දේ පදිංචි කේ. ඒ. නිලුකා චාන්දනී 32 හැවිරිදි දරුවන් තිදෙනකුගේ මවකි. සැමියා කුලීවැඩ කර ජීවනෝපාය සරිකර ගනී.

මේ සිද්දිය වුයේ 2011.08.15 වැනිදා රාත්‍රී 11.30 ට පමණය. ගෙදර කාමරේ ඇදෙ අයත් වයස අවුරුදු 04 ක් වූ දියණිය නිදා සිටි අතර සැමියා ඇද අසල බිම දැමු කාපට් එකක නිදා සිටියේය.

යම් පුද්ගලයෙක් පපුව රහස් ප්‍රදේශය අතගානු ඇයට දැනිණි. ඇය එය මුලින් ගණන් නොගත්තේ සිය සැමියා වන්නට ඇති බව සිතු නිසාය. එත් ඇය එම අත ඉවතට ඇද දැමුවේය. ඊළගට ඇයව අත් දෙකෙන් උස්සන්නට තැත් දරුවිට ඇය මෙන්න කවුද මෙන්න කවුද කියා කෑගසන ලදී. එවිට ඇගේ සැමියාද අවදි විය.

ටෝච් එක ගසා බලන විට ඇගේ නුල් පොටක් නැති මිනිසෙක් තවමත් වැඩ නිමවී නැති නිවසේ පියන් සවි නොකළ ජනේලයකින් පැන දිවුවේය. මේ අපරාදකරු ගමේ සුමිත් රූපසිංහ බවට හදුනා ගැනිණි.

16 වැනිදා මේ පිලිබදව බදුරලිය පොලිසියට පැමිණිලි කල අතර අපරාදකරුව 17 වැනිදා පොලිස් අත්අඩංගුවට පත් විය. දැන් ඔහු ඇප මත නිදහස්ව සිටියි.

මේ පුද්ගලයා දවල්ට රෑට කෙලින්කන්දේ නිවාස 16 කට පමණ ඇතුළුව කාන්තාවන්ට අතවර කර අත. නිර්වස්ත්‍රව ගෙවල් වලට ඇතුළු වන මෙම පුද්ගලයා ඇතැම් විට එසේ කරන්නේ ග්රිස්ද ඇගේ ගාගෙනය. නමුත් ඒ සෑම අවස්ථාවකදීම මෙම අපරාදය සමත මණ්ඩලයේදී සමත වී ඇත. නිදසුනකට කොඩිතුවක්කු ආරච්චිගේ නදීෂා සේවුවන්දිගේ නිවසට අයතා ලෙස ඇතුළුවූ මේ පුද්ගලයා පිළිබද සිද්දිය 2009.10.11 වන දින සමත මණ්ඩලයේදී සමත වී ඇත.

Tell a Friend