තවත් දමිල බුද්දීමතෙක් රට හැර යයි.

යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එස් රත්නජීවන් එච් හූල් මෙරට අතහැර බටහිර රටක් බලා පිටව ගිය බව මාධ්‍ය වාර්තා පවසයි.
මහාචාර්යවරයා විසින් පළ කළ වාර්තාවක් මඟින් තමන්ට අපහාසයක් සිදුව ඇතැයි ඊපීඞීපී නායක හා අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමෙන් පසුව ඔහු රට හැර ගොස් ඇත.

පසුගියදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කයිට්ස් ප‍්‍රදේශයේ අක‍්‍රමිකතා සිදුවූ බවට ඔහු වාර්තාවක් පළ කළේය.

ඒ සම්බන්ධයෙන් කයිට්ස් පොලිසිය මහාචාර්යවරයාගෙන් ප‍්‍රශ්න කළ බවට ඊපීඞීපී වෙබ් අඩවිය ජූලි 29 වැනිදා කියා සිටියත්ල ඔහු එය ප‍්‍රතික්ෂේප කර තිබිණ.

පසුව පොලිසිය ඔහුගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගැනීමෙන් පසුවල අගෝස්තු 05 වැනිදා කයිට්ස් අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් විය.

ඇමතිවරයාට එරෙහිව වන නඩුවකදී මහාචාර්යවරයා වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥයින් අකමැති වූ අතරල ඔහු අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් වීමෙන් පසුව මහාචාර්යවරයා රට හැරගොස් ඇත.

- හර්ෂි-
Tell a Friend