සිනහසීමට නොව ඇඩීමට අවශ්‍ය දෙයකි

අමිල ගුණරත්න

ලංකාවේ වඩාත් දුෂිත දේශපාලාඥයා ද චන්දායකයාද ? අපගේ අදහස නම් චන්දායකයාද දේශපාලාඥයා තරමටම දුෂිතය නැතහොත් දුෂිත දේශපාලඥයා හොරාකන විට ඔහුගේ අතින් බිමට වැඩෙන යමක් ලෙවකා සන්තර්පණය වීමට චන්දදායකයා ද පුල පුල බලා සිටින්නෙකි. දේශපාලාඥයන්ට චන්දය දීමේදී ඔවුන්ගේ උගත්කම , දේශීය හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳව දැනුම , අත්දැකීම් , සදාචාරාත්මක බව , වංක අවංක භාවය කිසිවක් ලංකාවේ චන්දදායකයා නොසලකයි. ගම්පහ යනු ලංකාවේ සාක්ෂරතාවය වැඩි ප්‍රදේශයකි. නමුත් ගම්පහ ජනතාව මර්වින් වැනි 5 වසර දක්වා උගත් මැරයෙක්ද , රුව මිස මොලේ නැති පබා හෙවත් උපේක්ෂා සුවර්ණමාලි වැනි කාන්තාවක් ද තමන්ගේ නියෝජිතයන් ලෙස පත් කර ගත්හ. ( පබාගේ මොලේ පරිමාව ගැන තක්සේරුවක් ඇති කර ගැනීමට මේ වීඩියෝ පටය බලන්න (http://www.youtube.com/watch?v=LCtosMiQpIM&feature=related ) එසේම නවය වසර දක්වා උගත් ජොන්ස්ටන් ප්‍රනාන්දු , උසස් පෙළවත් නැති විමල් වීරවංශ ද ලංකා දේශපාලන භුමියේ කෙරුම්කරුවන් බවට පත් කෙරුවේ ද මේ රටේ අමන චන්දදායකයන් බව මතක් කර දෙමු. මෑතකදී නෙත් එෆ් එම් හි බැලුම්ගල වැඩසටහන විසින් ලංකාවේ ප්‍රාදේශීය දේශපාලාඥයන්ගේ දැනුම පරික්ෂා කිරීමට වැඩ සටහනක් කරන ලදී. ගුවන් විදුලි ශිල්පින් ඇසු ප්‍රශ්න සහ ප්‍රාදේශීය දේශපාලාඥයන් විසින් දුන් පිළිතුරු ද එම වැඩ සටහනේ තිබේ. (අසන්න http://www.youtube.com/watch?v=LD3RR3PgOLI&feature=related සහ http://www.youtube.com/watch?v=ZlStyCLzutI&feature=related ) මෙම ප්‍රශ්න ලංකාවේ වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ගෙන් ඇසුවොත් ඔවුන්ගෙන් වැඩි ප්‍රතිශතයක් ද මේ හා සමාන පිළිතුරු දෙන බව නිසැකය.

වෙලේ බැඳිය යුතු එවුන්ව ජනතාව පාලනයට තෝරා ගනු ලැබුවේ වෙන කවුරුවත් නොව මේ රටේ මුග්ධ චන්දදායකයන්ම විසිනි.

Tell a Friend