මුස්ලිම් සිසුන් අන්ත අසරණ වෙති.


හර්ෂි සි. පෙරේරා
ශ්‍රී ලංකාවේ වයබ පළාතේ මුස්ලිම් සිසුන් කණ්ඩායමක් බාෂා ප්‍රශ්නය හේතුවෙන් අන්ත අසරණ වුහ. ඒ පහ වසර ශිෂ්‍යත්වයට මුහුණ දුන් මුස්ලිම් සිසුන්ට දෙමල බාෂාව දත් ගුරුවරුන් ප්‍රමාණවත් නොවීම හේතුවෙනි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මොනේකුලම් මහා විද්‍යාලයේ පහ වසර ශිෂ්ත්වයට පෙනී සිටි මුස්ලිම් සිසුන් සංකයාව 65 කි. ඔවුන් අබුක්කගම මුස්ලිම් මහා විද්‍යාලයේ සහ ගලපනවා මුස්ලිම් විද්‍යාලයේ සිසුන් වෙති.

ඔවුන්ගේ දෙමාපියන් ඉරිදා තම දරුවන්ට දෙමල කතා කරන සහ ඒ පිළිබද අවබෝදයක් ඇති ගුරුවරුන්ගේ සහය ලබා දෙන්නයි විබාග බලදාරින්ගෙන් ඉල්ලා සිටියහ. එවිට ඔවුන් කලේ දෙමාපියන්ව පලවා හැරීමයි.

විබාගය අවසන්වී මේ කරුණ දෙමාපියන් විසින් ඉස්මතු කල විට නිලදාරීන් කලේ පොලිසිය කැදවිමයි.

තමන් විබාගය අවස්ථාවේදී දෙමල මාද්‍ය ප්‍රශ්න පත්තර වල ගැටළු තැන් ගැන විමසුවිට සිංහල මාද්‍ය ගුරුවරු ඒවාට පිළිතුරු දීමට අපොසත්වූ බව මුස්ලිම් සිසුහ බි. බි. සි සිංහල සංදේශයට ප්‍රකාශ කළහ.

දෙමාපියන් වැඩිදුරටත් කියාසිටියේ බොහෝකාලයක සිට සිදුවන බාෂාව මත සුළු ජාතින් වෙනස්කමකට ලක් කිරීම දැන් පාසල්වල විබාග සම්බන්දයෙන්ද සිදුවන බවයි.




Tell a Friend