කොලරා වසංගතය නිසා හයිටියේ පුද්ගලයින් 5,968 ක් මිය යයි.


කිෂානි වැලිවිටිගොඩ

හයිටියානු සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ පසු ගිය මාසය අග භාගය වන විට කොලරා රෝගය නිසා මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 5,968 ක් දක්වා ඉහල ගොස් ඇති බවය. එම අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයේ දැක්වෙන අන්දමට දිනකට පුද්ගලයින් 10 ක් පමණ කොලරා රෝගය නිසා අසාද්‍ය තත්වයකට පත් වන බවය.

සෞඛ්‍ය නිලධාරීන්ගේ මතය වන්නේ කොලරා රෝගය නිසා මිය ගිය සංඛ්‍යාව නිවේදනයේ දක්වා තිබු සංඛ්‍යාවට වඩා ඉහල යා හැකි බවය. ඔවුන් එසේ ප්‍රකාශ කිරීමට හේතුව ලෙස දැක්විය හැක්කේ රට තුල හුදකලා වී පවතින ප්‍රදේශ වල සිදු වූ මරණ පිලිබඳ වාර්තා ඉදිරිපත් වී නැති බැවිනි. කොලරා වසංගතය නිසා පසුගිය ඔක්තෝම්බර් මාසය වන විට පුද්ගයින් 420,000 ක් ආසාදනයට ලක් වූ අතර දිනකට එම රෝගය නිසා පීඩා විඳින සිද්ධීන් 600 ක් වාර්තා වේ.

මිනිස් සිරුරට අහිතකර ජලය නිසා මෙම වසංගත රෝගය ව්‍යාප්ත වන අතර භූමිකම්පා වලට ලක් වූ කැරබියානු රටක් වන හයිටි හි ක්‍රමවත් ලෙස පිරිසිදු ජලය පරිභෝජනයක් නැති නිසා මෙම වසංගතයෙන් පීඩා විඳි. 

Tell a Friend