ජනතාව නීතියෙන් ඇත්වීම; කවුද වගකිවයුත්තා?

හර්ෂි සි. පෙරේරා
වර්තමාන රාජපක්ෂ ජනාදිපතිවරයා මේවන විට ජේ.ආර් අබිබවමින් 18 වැනි විවස්ථා සංශෝදනය ඔස්සේ තම බලය වැඩි කිරීම පමණක් නොව තම පැවැත්මද ස්ථාවර කරගත්තේ මිට පෙර පුද්ගලයකුට විදායක ජනාදිපති ලෙස සිටීමට තිබු වාර දෙකේ සීමාව අහෝසි කර එය ඕනෑම වාර ගණනකට යන්න සංශෝදනය කිරීමෙනි.

"ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩත්තු නඩු සම්බන්ධයෙන් පුද්ගලයන් 10 දෙනෙකුට නොතීසි නිකුත්කර තිබූ අතර නඩත්තු මුදල් ලබා ගැනීමේ අපේක්‍ෂාවෙන් ඔවුන්ගේ බිරින්දෑවරු අධිකරණයේ පෙනී සිටියහ. කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරියන් අධිකරණයට දන්වා සිටියේ ඇතැම් පුද්ගලයන්ල මෙසේ නීතියෙන් නියමකර ඇති වන්දි මුදල් ගෙවීම නිතර පැහැර හරින අතර ඇතැම් පුද්ගලයන් විදේශගතව ඇති බවය." - දිනමිණ

ලංකාවේ මෑතක සිට ජනතාව නීතියෙන් ඇත්වනුද, නිතිය අතට ගැනීමේ ප්‍රවණතාවයද, අදිකරණය විදායකයට යටත් වනුද දැකිය හැක.

ජනතාව නිතිය අතට ගැනීම සිදුවූ ආසන්නම සිද්දිය ග්‍රිස් යකුන්ය. ඊළගට මවින් සිල්වා ඇමතිවරයා රජයේ නිලදාරියකු ගස් බැන්දේය. ඇමතිවරුන්ට වරදකරුවන්ට දඩුවම් පැමිණවිය හැකිනම් මෙරට අදිකරණ මක්කටද?

ඊළගට සිදු වූ බයානකම සිද්දිය නීතිපතිවරයා ඇමති දුමින්ද සිල්වා ළමා අපචාර නඩුවකින්ද සහ චන්දන කත්රිආරච්චි මිනීමැරුම් නඩුවකින් නිදහස් වන ආකාරයට කටයුතු කිරීමයි. නීතිපතිවරයා මේදේවල් කලේ හුදෙක්ම විදායකයේ ඕන එපාකම් පිරිමසීමටය. නමුත් ඒ දේවල් එතනින් නැවතුනේ නැත චන්දන කත්රිඅරච්චිට ආසන සංවිදායක කමක්ද හිමි විය. අද වන විට පවත්නා යථාර්තය මේ රටේ නීතිපති දෙපාර්තමේන්තුවක් ඇද්ද නැද්ද යන්නය.

1978 ආණ්ඩු ක්‍රම විවස්ථාව හදුන්වා දීමට පෙර මේ රටේ විවස්ථාදායකය, විදායකය සහ අදිකරණය යම් ආකාරයක සමබරතාවයකින් පැවතිනි. ඒය මනාව පෙන්නුම් කරන සාර්ථකම නඩු තීන්දුව හැටියට සැලකෙන්නේ බ්රෙස්ගේල්ඩ් තීන්දුවයි. නමුත් 1978 විවස්ථාව හදුන්වා දුන් යැංකි ජේ.ආර් විදායකය මුදුනේ තැබුවා පමණක් නොව විවස්ථාදායකය සහ අදිකරණය ඉට යටත් කරන ලදී.

වර්තමාන රාජපක්ෂ ජනාදිපතිවරයා මේවන විට ජේ.ආර් අබිබවමින් 18 වැනි විවස්ථා සංශෝදනය ඔස්සේ තම බලය වැඩි කිරීම පමණක් නොව තම පැවැත්මද ස්ථාවර කරගත්තේ මිට පෙර පුද්ගලයකුට විදායක ජනාදිපති ලෙස සිටීමට තිබු වාර දෙකේ සීමාව අහෝසි කර එය ඕනෑම වාර ගණනකට යන්න සංශෝදනය කිරීමෙනි.

මෑතක පැවති පළාත් පාලන මැතිවරණයේදී උතුරේ ජනයා මේ තත්වය මැනවින් අවබෝද කරගත්තද දකුණේ ජනයා මනාව හිමිකම්, යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ අදිපත්‍ය ගැන පරිනත බුද්දියකින් කටයුතු කරනු දක්නට නොලැබිණි.





Tell a Friend