කහවත්තේ බුතයා පොලිසියට කට්ටි පනියි.


සාස්තරකරයෙකුගේ කියුම් පිට ඇල්ල පොලිසිය නොදරුවන් තිදෙනෙකුට දරුණු ලෙස වදහිංසා පමුණුවේ නොබෝදාය. අහිංසකයින්ට වදහිංසා කරන පොලිසිය කහවත්ත සිද්දිය මගින් තවදුරටත් පෙන්නුම් කරන්නේ අපරාදකරුවන් ඇල්ලීමේ නොහැකියාවයි.


කහවත්ත, ඕපනායක, ගොඩකවෙල හා රක්වානේ වැඩිහිටි කතුන් මරන භූතයකු සිටිතියි කියන කතාව බොරු ප‍්‍රචාරයකියි සබරගමුව නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.එස්.යූ. ප‍්‍රනාන්දු මහතා මාධ්‍ය සමග පැවැසීය.

2008 ජූලි 21x2011 ජූනි 19 අතර කතුන් හත් දෙනකු මරාදැමීම පාදක කැරගෙන මේ ඝාතන එකම පුද්ගලයකුගේ හෝ කණ්ඩායමක නොවන බවත් ඔහු කීවේය. මේ සිද්ධි සමග යුද හමුදාවද අතිරේක පොලිස් බළඇණිද කැඳවා ඇත.

මේ අතර භූතයන් අල්ලන්නැයි කියමින් මිනීපෙට්ටිද රැගෙන පන්දහසකට ආසන්න පිරිසක් කහවත්ත ඔරලෝසු කණුව අසල අද පෙළපාළි පවත්වා මහපාරේ ටයර්ද පිළිස්සූහ.

හර්ෂි සි. පෙරේරා
Tell a Friend