ක්‍රීඩා ඇමතිට බවුන්සරයක්.

හර්ෂි සි. පෙරේරා

පහත ලිපිය උපුටා ගත්තේ ලංකා ගොසිප් වෙබ් අඩවියෙනි. සංගක්කාරගේ ප්‍රකාශය ගැන නැවත පරීක්ෂණයක් කිරීම අවශ්‍ය නැත. එවැන්නක් යෝජනා කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් හි දුෂණ හා වංචා දිගටම පවත්වා ගැනීමට අවශ්‍ය නරුම දේශපාලුවන්ය.

කුමාර් සංගක්කාර ලෝඞ්ස්හිදී පවත්වන්නට යෙදෙන දේශනය රටටම ආඩම්බරයක් බවට පසුගිය දිනවල මාධ්‍ය මගින් පුන පුනා ප‍්‍රකාශ වූයේය. සුනිල් ගවස්කාර්, ක්ලයිව් ලොයිඞ්.මාටින් ක්‍රො, ඉම්රාන් කාන් වැනි දැවැන්තයින්ට පසු මෙවැනි දේශනයක් ලංකාවේ අයකු සිදුකරන ප‍්‍රථම වතාව මෙය බවද කියැවුනේය.
මේ සඳහා හොඳින් සූදානම්වී ඊයේ (4*) සංගක්කාර සිය අගනා දේශනය කළේය.

නමුත් දැන් සංගක්කාර කී දේවල් ක‍්‍රිඩා ඇමතිවරයාට ප‍්‍රශ්නයක්වී ඇත්තේය. ලංකාවේ ක‍්‍රිකට් පරිපාලනය විවේචනය කර ඇති බව සංගක්කාරට එරෙහි එල්ල වන චෝදනාවයි.

ඇත්තටම සංගා එහෙම දෙයක් කිව්වාද? සංගා කියා ඇති දේ ගැන අප කළ සොයා බැලීමේදී
සංගක්කාර ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ගැන ඔහුගේ පවතින විවේචනය එහිදී හෙළි කළ බව අපට වාර්තා වුණා.
මුල් භාගයේදී ලංකාව ගැන ඉමහත් අභිමානයෙන් කතා කළ ඔහු ලංකාවේ ක‍්‍රිකට් පියවරෙන් පියවර ගොඩනැගුණ හැටි විස්තර කළේය.ලංකාවේ යුද්ධය ගැන වැරදි චිත‍්‍රයක් ලෝකය හමුවේ තිබුණත් ඇත්තම තත්වය වෙනස් බවත් කී අතර යුද්ධය නිසා තමන් විඳි පීඩාව ගැනද හෙළි කළේය.

මේ දේශනයේ අගභාගයේදී සංගක්කාර කියා සිටියේ 1996 ලෝක කුසලානයෙන් ලංකාව ක‍්‍රිකට් ක‍්‍රිඩාවේ ඉහළටම නැගුණත් දේශපාලනීකරණය නිසා අභාග්‍ය සම්පන්න ඉරණමකට ගොදුරුවූ බවයි. එම කතාවේ අග කොටසේ සංක්ෂිප්තයක් මෙසේය.

ලංකාවේ ක‍්‍රිකට් හා දේශපාලනය සමාන අරුත් ඇති වචන වගේ..රජයේ ආධාර වලින් පමණක් එය ගොඩනැගෙන්නක්..ජාතික කණ්ඩායමට යම් අයෙකු තේරෙන්න නම් ඔහු ක‍්‍රිඩා අමාත්‍යංශයේ ලියාපදිංචිවී සිටිය යුතුයි. ඇමතිවරයාගේ නිර්දේශය නැතිව කිසිවෙකුට තරගවලට සහභාගී විය නොහැකියි. ක‍්‍රිඩා ඇමතිවරයාට ඕනෑම වෙලාවක ¥ෂණ හෝ මූල්‍ය ප‍්‍රශ්නයක් මුල්කරගෙන ක‍්‍රිකට් පරිපාලනය විසුරුවා හැරීමටත් බලය තියනවා.1996න් පසුව ලංකාවේ ක‍්‍රිකට් වලට මුදල් හා බලය හොඳින් ගලා ආවා.මේ නිසාම දේශපාලන ඇ`ගිලි ගැසීම්ද පෙරටත් වඩා වැඩි වුණා. මේ හේතුවෙන් උන්මත්තක බලයක් ක‍්‍රියාත්මක වන බව බොහෝ අවස්ථාවල පෙනෙන්නට තිබුණ අතර පැහැදිලි පරිපාලනයක් ක‍්‍රියාත්මක නොවන බව පෙනෙන්නට තිබුණා.

1996න් පසු ඡුන්ද විමසීම් මගින් තනතුරුවලට කෑදර වෙමින් පොරකමින් ක‍්‍රිකට් පරිපාලකයින් මෙම බලයේ රසයට වැටුණ අතර ඉතා අශෝභන ලෙස ක‍්‍රිකට් පරිපාලනයේ බලය ලබාගැනීමට ගිනි අවි බලය පවා පාවිච්චි කර තිබුණා. මේ ප‍්‍රශ්න මැද ක‍්‍රිකට් ක‍්‍රිඩාවක් ලෙස කඩා වැටුණ අතර 1999 ලෝක කුසලානයේදී පළමු වටයෙන්ම හැරී එන්නට අපට සිදු වුණා.

කෙසේ වෙතත් 1999න් පසු සනත් මාවන් හා මහේලගේ නායකත්වයෙන් තරුණ ජවය කණ්ඩායමට ඇතුළුවී ශ‍්‍රි ලංකා ක‍්‍රිකට්හි නව ජීවයක් ඇතිවුණා.

කෙසේ වෙතත් ක‍්‍රිඩාවට දේශපාලනය මුසුවීමේ භයානක ප‍්‍රවණතාවයෙන් අයිසීසීය ලංකාව මුදවා දෙන්නේ නම් එය අගය කළ යුතුය.

ලංකාවේ ක‍්‍රිකට්හි සනත් මුරලි අරවින්ද මහේල ලසිත් වැනි පුද්ගල මූලිකව ජයග‍්‍රහණ කරා යාමේ සාර්ථකත්වයක් පෙනෙන්නට තිබෙන අතර දිගුකාලීනව එය කණ්ඩායමක පැවැත්මට වාසිදායක නොවේ.එබැවින් හරියාකාරව ගොඩනැගෙන කණ්ඩායම් ව්‍යුහයක් සකස්කරතිබීම වැදගත්ය.එවැනි ව්‍යුහයක් සඳහා නිසිපරිදි දක්ෂයින් මතුවීමේ ක‍්‍රමවේදයක් පැවතිය යුතුය. දේශපාලන ඇ`ගිලි ගැසීම් වලින් සිදුවන්නේ මෙවැනි ක‍්‍රමයක් ගොඩනැගෙන්නට ඉඩ නොදී හැමවිටම අවුල් කර දැමීමය.

වරින් වර පරිපාලනයේ මුහුණ මාරුවන අතර ඒ ඒ අවස්ථාවල පත්වන පාලකයාට උවමනා ආකාරයට සියල්ල වෙනස් වන බැවින් ක‍්‍රිඩකයින්ද මානසික වශයෙන් දුර්වල වෙයි.

අපට හරියාකාර ව්‍යුහයක් සකස්ව තිබුනේ නම් සනත් මුරලි ලසිත් මෙන්ඩිස් වැන්නවුන්ගේ ක‍්‍රීඩා ප‍්‍රවීණත්වය නිසි වේලාවට අනෙක් ක‍්‍රිඩකයින් පුහුණුකිරීමේ වෘත්තීය ක‍්‍රමවේදයක් බවට හරවාගන්නට ඉඩකඩ තිබුනා.

මේ සියල්ල සලකා බලා අවසානයේ මා කියන්නේ ලංකාවේ ක‍්‍රිඩා ව්‍යුහයේ පැහැදිලි වෙනසක් අත්‍යවශ්‍ය බවය.’



Tell a Friend