එස්. බි ගේ ක්‍රීම් ඔෆ් ද ක්‍රීම් මර්දනය

2010 වසරේ දී සරසවි සිසුන් 509 දෙනෙකුගේ පන්ති තහනම් කර තිබෙන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.

අනුර කුමාර දිසානායක හා දයාසිරි ජයසේකර මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතු‍රු දෙමින් දිසානායක අමාත්‍යවරයා කියා සිටියේ ඉන් සිසුන් 159 දෙනෙකුම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් බවයි.

එම වසර ඇතුළත සරසවි සිසුන් පස් දෙනෙකු බන්ධනාගාර ගතකර තිබෙන බව ද අමාත්‍යවරයා පැවසුවේය.
-හර්ෂි- Tell a Friend