උතුරේ කාන්තාවන්ට නිදහස් චන්දයක් සහතික කරමු.

හර්ෂි සි. පෙරේරා
උතුරේ කාන්තාවන්ට අසාදාරන සිදුවෙද්දී දකුණේ කතුන් හඩ නැගිය යුතුය. නිහඩවිම අපිට අසාදාරන සිදුවෙද්දී කිසිවෙක් නොමැතිවීමයි. නිහඩතාව අසික්කිත වැඩ කිරීමට අනුබලයකි. අසික්කිත වැඩ යනු සොහොන් වලට අපේක්ෂකයින්ගේ නිවෙස් වලට බලුකුනු දැමීම ආදියයි. මෙවන් පසුබිමක නිමල්කාගේ හඩ අබිතය.

උතුරේ කාන්තාවන්ට බියෙන් හා සැකෙන් තොරව සිය ඡන්දය පාවිච්චි කිරිමේ අයිතිය ආරක්ෂා කර දෙන ලෙස දේශපාලන කාන්තා පීඨයල මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතාගෙන් ඉල්ලා සිටීග දැනට උතුරේ පවතින තත්ත්වය තුළ නිදහස් හා සාධාරණ මැතිවරණයක් අපේක්ෂා කළ නොහැකි බව එම සංවිධානයේ අධ්‍යක්‍ෂිකා නීතිඥ නිමල්කා ප‍්‍රනාන්දු මහත්මිය පෙන්වා දී ඇත.

මේ පිළිබඳව ටීආර්ටී සිංහල ගුවන් විදුලියට අදහස් දක්වමින් ඇය ප‍්‍රකාශ කර ඇත්තේ රජයේ විවිධ මැතිඇමතිවරුන් තමන්ගේ බලය යොදා ගනිමින් උතුරු ප‍්‍රදේශයේ ආණ්ඩුවේ මැතිවරණ ක‍්‍රියාවලියට මැදිහන් වී ඇති බවයි.

විශේෂයෙන් ටීඑන්ඒ පාක්ෂිකයන්ගේ නිවෙස් ඉදිරිපිට බල්ලන් මරා දමා උන්ගේ ශරීර කොටස් ගේට්ටුවල එල්ලා තිබීම වැනි ක‍්‍රියාවන් නිසා වැඩි වශයෙන් බියට පත්ව ඇති කාන්තාවන් බවත්ල මේ නිසා කාන්තාවන් ඡන්ද පොල වෙත යාමට බියක් දක්වන බවදල අපේක්ෂකත්වය හිමි කාන්තාවන් ද සිය මැතිවරණ ප‍්‍රචාරක කටයුතු කරගෙන යාමට දක්වන්නේ මහත් බියක් බවදල කාන්තා තරග නියෝජනය වැඩි කරන ලෙස පවතින ඉල්ලීම් අනුව ඉදිරිපත්ව ඇති කාන්තා අපේක්ෂිකාවන්ට සිය මැතිවරණ ක‍්‍රියාවලිය කරගෙන යාමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කර දෙන ලෙස ද ඇය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා වෙත යොමු කළ ලිපියේ සඳහන් වේ.

ප‍්‍රදේශයේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා පිළිබඳව පරීක්ෂණ පවත්වා මැතිවරණ කොමසාරිස්වරයාගේ ප‍්‍රධානත්වයෙන් සියලු මැතිවරණ අපේක්‍ෂිකාවන්ගේ රැස්වීමක් කැඳවා ඔවුන්ට අවශ්‍ය ධෛර්ය ලබා දෙන ලෙසද නිමල්කා ප‍්‍රනාන්දු මහත්මිය මෙහිදී ප‍්‍රකාශ කළාය.


Tell a Friend