ව්‍යාජ උපාධි සහතික ඉදිරිපත් කොට කොතලාවල ජාතික අරක්ෂක විද්‍යාපීඨයේ දේශන පැවැත්වූ කූටයෙකු අත්අඩංගුවට

අමිල ගුණරත්න

ව්‍යාජ උපාධි සහතික ඉදිරිපත් කොට කොතලාවල ජාතික අරක්ෂක විද්‍යාපීඨයේ දේශන පැවැත්වූ ආචාර්යවරයෙක් ලෙස සේවය කළ පුද්ගලයෙක් රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි විශ්වවිද්‍යාලයෙන් සහ එංගලන්තයේ සහ ඇමරිකාවේ විශ්වවිද්‍යාලවලින් ලබාගත් බව පවසමින් මෙම පුද්ගලයා ඉදිරිපත් කළ සහතික සහ ලියකියවිලි සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත කරනු ලැබූ පරීක්ෂණවලින් මේ බව අනාවරණය වී තිබේ.මෙම පුද්ගලයා මෙම ව්‍යාජ සහතික ඉදිරිපත් කොට කාලයක් පුරා කොතලාවල ජාතික අරක්ෂක විද්‍යාපීඨයේ දේශන පවත්වා තිබේ.

මේ සම්බන්දයෙන් අප විසින් කල විමර්ශනයකදී, කොතලාවල ජාතික අරක්ෂක විද්‍යාපීඨයේ දේශන පවත්වන ආචාර්ය එච්. ආර්. එස් කීර්තිසිංහ නමින් පෙනී සිටින පුද්ගලයාට කිසිදු ආචාර්ය (PHD) උපාධියක් නොමැති අතර ව්‍යාජ ලෙස එංගලන්තයේ , ඇමරිකාවේ, බෙල්ජියමේ හා ඉන්දියාවේ අධ්‍යාපන ආයතන වල සහතික සකසා කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයට ලබා දී තිබේ. මෙම ආචාර්ය එච්. ආර්. එස් කීර්තිසිංහ නමින් පෙනී සිටින පුද්ගලයාට දේශකයෙකු ලෙස සේවය කිරීමට ජෙනරාල් උභය මැදවල, උපකාර කර තිබෙන බවට, කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ නිලධාරියෙකු අපට පැවසිය. 

මෙම පුද්ගලයා ගේ ජිව දත්ත පහත වෙබ් අඩවියේ ඇති අතර http://webs.academia.edu/DrHRSKeerthisinghe/RecentUpdates එම තොරතුරු අසත්‍ය සහ නොමග යවන සුළු බව පෙනී යයි.

එම ජීව දත්ත මෙසේය

BPT, B.Sc(Psy)., PGC.Psy.C., A.D.Psy.C.(India)
International Cert. .Psychology in Mental Health (India)
Cert.Rehab.CEDC.(Sweden), Cert.I.I.C.P.(Belgium)
M.R.S.H.- Member Royal Society of Health (UK)
Member.Int.Assn.Child & Adolescent Psychiatry(Eng)
Member American Psychological Association (USA)
Visiting.Lecturer University Sri Jayawardena Pura (SL )
Visiting Lecturer University of Kelaniya Dept. of Post Graduate Institute of HRM
Visiting Lecturer Sir John Kotalawala Defence University
Visiting Lecturer Post Graduate Institute of Medicine – University of Colombo
Visiting Lecturer O M I Scholasticate
SLHMC: 167 Gazetted & Licentiate : 72472/95


එච්. ආර්. එස් කීර්තිසිංහ විසින් දක්වා ඇති ලියාපදිංචි අංකය SLHMC: 167 Gazetted & Licentiate : 72472/95 නොමගයවන සුළුය එය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ( SLMC ) අංකයක් ලෙස ව්‍යාජ ලෙස පෙන්වයි . නමුත් වැඩිපුර ඇති H අකුර නිසා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ඔහුට එරෙහි ක්‍රියාමාර්ගයක් ගත නොහැක. එසේම හාර හරා විමසීමේදී ඔහු එය ඇමරිකාවේ ආයතනයක් බව කියයි,නමුත් ලිපිනය විමසු විට නිරුත්තර විය.

ඔහු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ (පශ්චාත් උපාධි ආයතනයේ )දේශකයෙකු ලෙස දක්වා තිබුනද මෙවැනි පුද්ගලයෙකු දේශනා නොපවත්වන බව කොළඹ වෛද්‍ය විද්‍යාලයේ පරිපාලන නිලධාරියෙකු විසින් පෙන්වා දෙන ලදී. මෙම පුද්ගලයා ආචාර්ය උපාධිය ලැබූ විශ්ව විද්‍යාලය සහ එහි ලිපිනය විමසු විට ඔහු කෙලින් පිළිතුරක් දුන්නේ නැත. වෙබ් අඩවි වල ව්‍යාජ online විශ්ව විද්‍යාල තිබෙන අතර මුදල් බැඳීමෙන් පැය 24 ඇතුලත ඕනෑම කපටියෙකුට ආචාර්ය උපාධියක් ලබාගත හැක.

යුද හමුදාපතිතුමනි හැකිනම් කොතලාවල ජාතික අරක්ෂක විද්‍යාපීඨයේ දේශන පවත්වන එච්. ආර්. එස් කීර්තිසිංහ ආචාර්ය උපාධිය ගත් විශ්ව විද්‍යාලය කුමක්දැයි සහ සුද්දෙන් බලා එවන්නේ නම් මැනවි.

Tell a Friend