නැවතත් චන්දය උණ්ඩයක් නොකරනු.

හර්ෂි සි. පෙරේරා
පාටලී චම්පික රණවක ඇමතිවරයා උතුරේ ජයකෙහෙලි නැංවූ දෙමල ජාතික සන්දානයට අබියෝග කරයි. ඒ පුලුවන්නම් උතුර තනිවම සංවර්දනය කරන ලෙසයි.

උතුරේ ජනයාට උණ්ඩය වෙනුවට චන්දය හිමිවුයේ වසර තිහකට පසුවයි. ඒ ජයග්‍රහණය ලබා දුන්නේ රාජපක්ෂය. එහි විවාදයක් නැත.

නමුත් නැවතවරක් චන්දයට හිමිවූ තැන උණ්ඩයට අත්නොවිමට කටයුතු කිරීමේ බරපතල වගවීමක් රාජපක්ෂ ආණ්ඩුවට ඇත. යුද්දය අවසන්ව වසර දෙකකට පසුව ආණ්ඩුව හදුන්වාදුන් සංහිදියා සහ සංවර්දන ප්‍රතිපත්ති ගැන උතුරේ දෙමල ජනයා සැහීමට පත්නොවූ බව පෙන්වන කදිම නිදර්ශනය නොබෝදා පැවති පළාත් පාලන චන්දයයි. එහිදී චන්ද් අක්රමතිකා සහ හමුදාව විසින් සාමාන්‍ය ජනයා බියවැද්දීම් සිදුවුවද දෙමල ජනයා තම ඕනෑ එපාකම් සහ දුක්ගැනවිලි ගැන කතා කිරීමට එය වේදිකාවක් කර ගත්හ.

පාටලී චම්පිකගේ ප්‍රකාශය දෙමල ජාතික සන්දානයට පමණක් නොව උතුරේ සමස්ත දෙමල ජනයා කෙරෙහි වයිරයෙන් කරනු ලැබූ ප්‍රකාශයකි. එනිසා මෙරට සාමයට ලදී දකුණේ සිංහල ජනයා සහ සිවිල් සමාජය මේ ප්‍රකාශ අදයිරය කල යුතුව ඇත.




Tell a Friend