”උඹට චේන් පහක් දුන්නොත් යන්නපුලූවන් " - වාද්දුව පොලිසිය

01. සභාපති,
මානව හිමිකම් කොමිෂන් සභාව,
108, බාන්ස් පෙදෙස,
කොළඹ 07

02. පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.

03. සභාපති,
ජාතික පොලිස් කොමිෂන් සභාව,
රොටුන්ඩා ටවර්, 03 මහළ,
අංක 109, ගා`ඵ පාර,
කොළඹ 03.

04. ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී,
ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය,
පානදුර

ලිඛිත පැමිණිල්ල

අබුසාලි බදරු සමාන්, අවු: 46යි, විවාහක, දරුවන් 04යි, රැකියාව: ව්‍යාපාරික.
ලිපිනය : 337, බමුණුමුල්ල, අට`ඵගම, බණ්ඩාරගම.
වන මා මෙසේ ප‍්‍රකාශ කර සිටිමි. 2011.07.27 දිනදීය.

2007.05.26 හෝ ආසන්න දිනකදී, මා වාද්දුව, කොරොස්දුව ප‍්‍රදේශයේ වෙළඳාම් කටයුතු වල ගමන් කරමින් සිටියදී කොරොස්දුව වෙල්යාය අයිනේදී, මා වෙත පැමිණි යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් මාර්ගය හරස්කර නවතා, අහසට වෙඩි තබා, මටද පහර දී මා අත තිබූ රුපියල් දහනවදහසක් (19,000/=*) මංකොල්ලා කනු ලැබුවා. එසේම මා සතුව තිබූ ග‍්‍රෑම් 16ක් බර රත‍්‍රං වළලූ ජෝඩුවකුත්, ග‍්‍රෑම් 31.6 බර චේන් දෙකකුත් මංකොල්ලා කනු ලැබුවා. පසුව මා එ් පිළිබඳව එදිනම සවස 6.30 - 7.00 පමණ වාද්දුව පොලිසියේ පැමිණිලි කරනු ලැබුවා.

ඉන් දින තුනකට පසුව වාද්දුව පොලිසිය මාහට දුරකථන ඇමතුමක් දී හොරු කට්ටියක් අල්ලා ඇති බව පවසා, මාහට පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දුන්නා. එ් අනුව මා පොලිසියට ගියා. පොලිස් නිලධාරියකු මා පොලිස් කූඩුව ලඟට එක්කගෙන ගොස් එදා මගේ මුදල් හා රත‍්‍රං බඩු මංකොල්ල කන ලද හොරු මෙහි සිටිනවාදැයි කියා බලන්නැයි කූඩුවේ සිටි පුද්ගලයින් පෙන්වා සිටියා. එතැන එම පුද්ගලයින් නොසිටි බැවින් කිසිවෙක් නැති බව මා කියා සිටියා. පසුව මා පොලිසයෙන් පිටව ගියා.

නැවතත් 2007.06.29 දින පොලිසියෙන් මට දැනුම් දුන්නා හොරු කට්ටියක් අල්ලා තිබෙන බැවින් පැමිණ බලන ලෙස. එදිනද මා පොලිසියට ගොස් බැලූවද එම පුද්ගලයින් සිටියේ නැහැ. එදින පොලිස් නිලධාරීන් පවසා සිටියේ නැවතත් හොරු ඇල්ලූවිට මට දැනුම් දෙන බවයි.

ඉන් අනතුරුව 2008.03.16 දින සවස 4.30 පමණ, සුදුපාට වෑන් රථයක් මාගේ නිවසට පැමිනියා. වාද්දුව පොලිසියේ අපරාධ අංශයේ විතානගේ නැමැති නිලධාරිවරයා වෑන් රථය තුල සිටියා. ඔහු මට කිව්වා බඩු සමග හොරු අල්ලා ඇති බව. මට පොලිසියට යාමට කතාකලා.

එදින මා ශෛල්‍ය කර්මයකට භාජනය වීම නිසා අසනීපයෙන් නිවසේ සිටි නිසා, මා ඔහුට කිව්වා මා අසනීපයෙන් බැවින් වෙන දවසක එන්නම් කියා. ඔහු මට කිව්වා හොරු කට්ටිය අඳුරගන්න පලූවන්ද කියලා විතරක් බලන්න තියෙන්නේ, ගිය ගමන් එන්න පුලූවන් කියා. හොරු හරිනම් කටඋත්තරයක් දීලා ත‍්‍රී විලරයක එන්න පුලූවන් කියාද ඔහු කිව්වා. එ් අනුව මා ඔහු සමග වෑන් රථයෙන්ම වාද්දුව පොලිසියට ගියා. මාව පොලිස් කූඩුව ලඟට ගෙන ගියා. එසේ ගිය මාහට විතානගේ නැමැති නිළධාරියා කණට පාරක් ගසා, මාව පොලිසියේ කූඩවට දැම්මා. එම කූඩුව ඇතුලේ තව හය දෙනෙක් සිටියා. පසුව එම කූඩුවේ සිටි අයට මා පෙන්වා තොපි මූට රත‍්‍රං බඩු දුන්නාද කියා කෑ ගසා ඇසුවා. ඔවුන් කියා සිටියා අපි මෙයාව දැකලත් නැහැ, මුකුත් දීලත් නැහැ කියා.

මා විතානගේ නැමැති නිලධාරියාගෙන් විමසා සිටියා ඇයි මාව ගෙනත් කූඩුවේ දැම්මේ කියා. විතානගේ නැමැති නිලධාරීවරයා පවසා සිටියා ”උඹට චේන් පහක් දුන්නොත් යන්නපුලූවන් , නැත්තම් මේ කූඩුවේ ඉන්න හොරුන් සමග බෝම්බයක් දමා අවුරුදු 5, 6 කට යවනවා” කියා. මාව කූඩුවට දැමුවා. පසුදින ස්ථානාධිපති නිමල් කරුණාරත්න මට පහර දුන්නා. මා දින 4ක් පොලිසියේ රඳවාගෙන සිටියා. හතරවන දින අ`ඵයම 1.30 පමණ මාගේ මල්ලී සහ යහ`ඵවන් මා බැලීමට පැමිණියා. ඔවුන් පවසා සිටියා මගේ අක්කාගේත්, මාගේ දියණියන් දෙදෙනාගේත් රත‍්‍රං මාල, ස්ථානාධිපති නිමල් කරුනාරත්නට බාර දුන් බව. පසුව එ් අවස්තාවේම මාව ඔවුන් සමග යන ලෙස පවසා මුදාහැරියා. පසුදින උදේට ඇවිත් කටඋත්තරයක් දෙන්න කිව්වා. එ් අනුව මා රාත‍්‍රියේම ගෙදර ආවා. පසුව මා කටඋත්තර දෙන්න දින තුනක්ම ගියත්, තුන්වෙනි දවසේ තමයි කටඋත්තරය ගත්තේ.

පසුව මාව අංක 79381 හා 79600 දරණ නඩු සඳහා පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස මාහට 2008.11.07 දින පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි ලද අතර, එදින පටන් සෑම දිනකම මා අධිකරණයේ පෙනී සිටියෙමි.

මා අධිකරණයේදී මහේස්ත‍්‍රාත්තුමාට පවසා සිටියා වාද්දුව පොලිසියෙන් මාගෙන් චේන් 5ක් ලබාගත් බවත්, එ්වා මාගේ අක්කාගේ හා දියනියන් දෙදෙනාගේ බවත්. මහේස්ත‍්‍රාත්වරයා මාහට පවසා සිටියා මේ බව විමර්ශණයක් කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට පානදුර පොලිස් අධීකාරීතුමාට නියෝග කරන බව. මාහටද පානදුර පොලිස් අධිකාරි කාර්යාලයට ගොස් එ් බව දැනුම් දෙන්න කිව්ව.

එ් අනුව මා පානදුර පොලිස් අධිකාරි කාර්යාලයට ගිය අතර, එහි සිටි නිලධාරී මහතෙකු මාහට පවසා සිටියා එවැනි වාර්තාවක් පැමිණ නැති බව. නැවත දිනක මා එම කාර්යාලයට ගියා. පෙර දින හමුවූ නිලධාරීවරයා කිව්වා එදින වාර්තාව ලැබී තිබෙන බව . එ් බඩු ක`ඵතර උතුර පොලිසියට හා බණ්ඩාරගම පොලිසියට බාරදී ඇති බවත් දන්වා සිටියා.

මා එ් අවස්තාවේ අසා සිටියා, මට බණ්ඩාරගම හෝ ක`ඵතර නඩු නැහැ. එ් රත‍්‍රං බඩු එ් තැන්වලට දෙන්න පුලූවන්ද කියා. එවිට එම නිලධාරීවරයා මට පොඞ්ඩක් ඉන්න කියා වාද්දුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකතණයෙන් කතා කලා. එසේ කතාකර අවසන්ව මට කියා සිටියා පොලිස් අධිකාරීතුමා ලඟට ගියත් ඔය ටිකම තමයි කියන්න තියෙන්නේ කියා.

2011.05.24 දින නඩුව පැවති අතර, මහේස්ත‍්‍රාත්තුමා මාගෙන් විමසා සිටියා පොලිස් අධිකාරීවරයා මුණගැසුනාද කියා. මා කිව්වා නැහැ කියා.

මහේස්ත‍්‍රාත්තුමාගේ නියෝගය අනුව පානදුර පොලිස් අධිකාරීවරයා විසින්, මාගේ රත‍්‍රංබඩු වාද්දුව පොලිසියෙන් ලබාගැනීම අදාලව වාර්තාවක් ඉදිරිපත් කල නොමැති නිසා, එම වාර්තාව නිකුත් කිරිමට ක`ඵතර නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කරනු ලැබුවා.

මහේස්ත‍්‍රාත්තුමා මට නියෝග කලා, ක`ඵතර නියෝජ්‍ය පොලිස්පති තුමාව හමුවන ලෙසට. එ් අනුව මා ක`ඵතර ගියා. එම කාර්යාලයෙන් පවසා සිටියා නියෝජ්‍ය පොලිස්පතිවරයා කවදා එ්දැයි කිව නොහැකි බවයි. මට පානදුර පොලිස් අධිකාරී කාර්යාලයට යන ලෙස පවසා සිටියා.

2011.07.05 දින - පෙරවරු 10.00 ට පානදුර සහකාර පොලිස් අධිකාරී විසින් මා කැඳවා කටඋත්තරයක් ගනු ලැබුවා.

මා ප‍්‍රකාශ කර සිටින්නේ, මාගේ පැමිණිල්ල අදාලව කිසිඳු නීතිමය ක‍්‍රියාමාර්ගයක් නොගත්, වාද්දුව පොලීසිය, නීති විරෝධී ලෙස මා අත්ඩංගුවට ගෙන, රඳවා තබාගෙන, පහරදී, මාගේ රත‍්‍රං බඩු මංකොල්ල කෑ බවත්, මාගේ රත‍්‍රං බඩු වාද්දුව පොලිසිය විසින් මංකොල්ලකෑම සම්බන්ධයෙන් - මේ වන තෙක් ගරු මහේස්ත‍්‍රාත්තුමාගේ නියෝගයට අනුව , පානදුර පොලිස් අධිකාරීවරයා හෝ සහකාර පොලිස් අධිකාරීවරයා හෝ ක`ඵතර නියෝජ්‍ය පොලිස්පතිවරයා හෝ මේ වන තෙක් කටයුතු කර නැති බවයි.

මා ඉල්ලා සිටින්නේ,
1. වාද්දුව පොලිසිය විසින් මා අත්අඩංගුවට ගෙන, පහරදී, රඳවා තබාගෙන, මාගේ රත‍්‍රංබඩු මංකොල්ලකෑම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා, වාද්දුව පොලිසියේ ස්ථානාධිපති නිමල් කරුණාරත්න, විතානගේ ඇතු`ඵ නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසත්,

2. අධිකරණ නියෝගයද පැහැර හරිමින්, මාගේ රත‍්‍රංබඩු මංකොල්ල කෑ වාද්දුව පොලිසියේ ස්ථානාධිපති ඇතු`ඵ නිළධාරීන්ව ආරක්ෂා කරමින් කටයුතු කරනු ලබන - පානදුර පොලිස් අධිකාරී හා ක`ඵතර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙසටත්,

3. මාහට සාධාරණය ඉටු කරනා ලෙසත්ය.

ඉහත කරුණු සත්‍ය බව ප‍්‍රකාශ කරමි.


අබුසාලි බදරු සමාන්
Tell a Friend