පුද්ගලික කොම්පැනියක් එක්ක ගිවිසුමක් ගැහුවා- නිශාන්ත රණතුංග

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නිලදාරියකු වන නිශාන්ත රණතුංග බි බි සි යට ප්‍රකාශ කලේ ශ්‍රී ලංකා ක්‍රිකට්, ප්‍රිමිය ලිග් තරග සදහා විදේශ කොම්පැනියක් සමග වසර පහක ගිවිසුමක් ගැසූ බවයි.

නමුත් එම කාලය වසර 25 ක් බව හෙතෙම ප්‍රතික්ෂේප කළේය.

ක්‍රීඩා ඇමතිවරයා, රණතුංග මහතාද ඇතුළුව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් සබාව අහෝසි කළේය.

ශ්‍රී ලංකා ප්‍රිමිය ලිග් තරගාවලියට ඉන්දියන් ක්‍රිකට් ක්‍රීඩකයින් සහබාගි නොවීමට ප්‍රදාන හේතුව වුයේ මෙසේ විදේශ කොම්පැනියක් මගින් එය පැවැත්වීමයි. ප්‍රතිපලය වුයේ ප්‍රිමිය ලිග් තරගාවලිය ලබන වසර දක්වා කල් දැමීමයි.

හර්ෂි සි. පෙරේරා




Tell a Friend