ඇදී ඇදී යන ශ්‍රී ලංකා ගාතක බුමි.

හර්ෂි සි. පෙරේරා

1948 නිදහස ලබා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි පළමු බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම්වරයා ලියම් ෆොක්ස්ය. ඔහු පැමිණියේ මෙරට ගාතනය කරන ලද කීර්තිමත් දෙමල දේශපාලනඥයකු වූ ලක්ෂ්මන් කදිරගමර්ගේ අනුස්මරණ දේශනය පැවැත්වීමටය.

නොවැම්බර් මාසයේදී එළිදැක්වීමට නියමිත උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධානය පිළිබඳ කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් තමන් දැඩි බලාපොරොත්තු තබාගෙන සිටින බව බි‍්‍රතාන්‍ය ආරක්‍ෂක ලේකම් ලියම් ෆොක්ස් පවසා ඇත. නමුත් ශ්‍රී ලංකා ඉතිහාසය තුල බලයේ සිටි ආණ්ඩු පත්කළ කිසිදු සුවාදින කොමිසමකින් වැඩක් වුයේ නැත. එහෙත් ඔහුගේ ප්‍රකාශය ආණ්ඩුවට එල්ල කලාවූ බලපෑමකි.

"ශ්‍රී ලංකා ගාතක බුමි " නමැති චැනල් 04 වීඩියෝව ශ්‍රී ලංකා ආණ්ඩුවට දැඩි බලපෑමක් එල්ල කර අවසන්ය. මෙය නැරබු ඕස්ට්‍රේලියානු ජනයා කෝපයට පත්වී ඇත. එහි ප්‍රතිපලය අගෝස්තු මස ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය නතර වීමට කරුණු යෙදී තිබීමයි.

ඉන්දියාවේ ජයලලිතා සාදකය මිසයිලයක් වී ඇත. ඉන්දියානු වැසියන්ද මෙම චිත්‍රපටිය නැරබිමෙන් පසු එරට මද්‍ය ආණ්ඩුවට ශ්‍රී ලංකාවේ දෙමල ජනයාට යුක්තිය ඉටු කරන්නයි බලපෑම් කරති.

නමුත් ලංකා ආණ්ඩුව තවමත් ද්‍රවිඩ ජනයාට දේශපාලන විසදුමක් එනම් ෆෙඩරල් ක්‍රමයක් ස්ථාපිත කිරීමට සුදානම් නැත. මෙය අනාගත ගාතක බුමි සදහා අවශ්‍ය පසුබිම නිර්මාණය කරයි.


Tell a Friend