සංගාගේ කතාව

අමිල ගුණරත්න

සත්‍ය තිත්තය. තිත්ත සත්‍යයක් ගැන මැරිලිබෝන් ක්‍රීඩා සමාජයේදී කතා කල සංගාව දඬුකඳේ ගසන්නට බලධාරීන් සැරසෙති. මෙය අපට පුරුදු ප්‍රවණතාවයකි. පණිවිඩය නොව පණිවිඩකරුවාට වෙඩි තියන ලංකික සමාජයට මෙය ආගන්තුක නැත. එහෙත් සංගාගේ කතාවට අප ඔහුට ගරු කරමු. ඔහුගේ දේශනයේ හරය මෙසේය.
1) ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ක්‍රීඩාව දූෂණය වූයේ දේශපාලනය නිසාය
2) ක්‍රීඩා වලට සහභගි වීමට නම් දේශපාලකයන්ට මුට්ටිය ඇල්ලිය යුතුය.
3) දේශපාලනඥයන් බැලන්ස් කරන ක්‍රීඩකයන්ගේ පක්කලි සර්විස් කිරීමට අනෙකුත් ක්‍රීඩකයන්ට සිදුවේ
4) ක්‍රීඩකයන් තේරෙන්නේ දක්ෂතා මත නොව පක්කලි සර්විස් හැකියාව මතය.
5) විශාල මුදලක් උපයු මහත් වත්කමක්‌ තිබුණා වූද ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය හොරුන් විසින් උලා කන ලදී
6) අද එහි ඇත්තේ බිත්ති හතර පමණි , එයද තව නොබෝ දිනකින් තවත් හොරෙක් ගඩොල් වලට හෝ විකුණනු ඇත

සංගාගේ කතාව සහතික ඇත්තය. ඔහු කියූ පරිදි අපේ ක්‍රිකට්‌ කණ්‌ඩායම විසින් අවුරුදු ගණනාවක්‌ තිස්‌සේ තහවුරු කරගන්නා ලද්දා වූ ඒකාග්‍රතාවය, විනිවිදභාවය, කැපවීම සහ විනය පත්වාගෙන යැම වැනි කාරණා දිගට තබා ගැනීම ක්‍රිකට්‌ ක්‍රීඩාව පාලනය කරන අයගේ වගකීමය. නමුත් ඉර හඳ උලා කෑ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ හොරුන්ට සහ කඳ මිස හිස නැති දේශපාලනඥයන්ට එය තේරුම් යාද කියා සැකය.


Tell a Friend