රනිල් නායකත්වයෙන් ඉවත් වෙයිද?

ත්‍රිමාණ විසිනි

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වීමට තමන් කිසිදු තීරණයක් ගෙන නැතැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවධාරණය කර තිබේ.

බීබීසී සන්දේශය සමඟ සම්මුඛ පරීක්ෂණයක් පවත්වමින් විපක්ෂනායකවරයා මේ බව පවසා තිබේ. පසුගියදා එජාප සම උපනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නායකත්වය කරූජයසූරිය මහතාට භාරකරන බවට වන නිවේදනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ තමන් මේ පිළිබඳව කිසිවක් නොදන්නා බවයි. එමෙන්මනියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා සහ මහලේකම්වරයා තමන්ට නිතරම කතා කරන බවද, එහෙත් ‍එවන් කිසිවක් සඳහන් නොකළ බවද එහිදී වික්‍රමසිංහ මහතා විසින් පවසා තිබේ. සියල්ලෝම බහුතරයේ මතයට ගෙන එන ලෙස තමන් ජයසූරිය මහතා අමතා පැවසූ බවද ඔහු එහිදී අනාවරණය කර තිබේ.

එවිට බීබීසී මාධ්‍යවේදියා විසින් විමසා සිටි‍යේ කරූ ජයසූරිය මහතාට පක්ෂනායකත්වය ලබාදීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාවය පළකර තිබේද යන්නයි. එවිට වික්‍රමසිංහ මහතා ප්‍රතිචාර දක්වමින් පවසන්නේ එය හදපු කතාවක් වනු ඇතිබවයි. තමන්ට කිසිවෙකු එවන් කතාවක් නොකී බවද වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

එමෙන්ම වැඩිදුරටත් පිළිතුරු ලබාදෙමින් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ සජිත්ප්‍රේමදාස මහතා විසින් කළ නිවේදනය සම්බන්ධයෙන් හෝ කරූ ජයසූරිය මහතාගේමාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවයි.

ඒ සම්බන්ධයෙන් කිසිවක් පැවසීමට තමන්ට වුවමණාවක් නොමැති බවත් පක්ෂයටව්‍යවස්ථාවක් ඇති බවත් තමන්ට පක්ෂයෙන් කිසිවක් මේ සම්බන්ධයෙන් මෙතෙක්දැනුම් දී නැති බවත් එහිදී වික්‍රමසිංහ මහතා විසින් දැඩිව ප්‍රකාශ කරයි. පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට කිසියම් තීරණයක් ගෙන ඇතිදැයි අවසාන වශයෙන් බීබීසී මාධ්‍යවේදියා විසින් විමසූ විටද වික්‍රමසිංහ මහතා විමසා ඇත්තේ තමන් සියල්ලම ඉටු කළ බැවින් තමන් නායකත්වයෙන් ඉවත්විය යුත්තේ මන්ද යන්නයි.
. පසුගිය දා සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ පක්ෂයේ බහුතර එකගත්වය මත පක්ෂ නායකත්වය කරූ ජයසූරිය මහතාට පවරන්නට තමන් තීරණය කළ බවයි. මෙසේ පක්ෂ නායකත්වය තමන්ට අභිමත පරිදි වෙනස් කරන්නට සජිත් ප්‍රේමදාස මහතාට හැකි යැයි ඔහු සිතන්නේ එක්සත් ජාතික පක්ෂය යනු තම පියාගේ බූදලය යැයි ඔහු සිතන නිසා විය යුතුය.

පක්ෂයක් යනු පවුලක හෝ තනි පුද්ගලයෙකුගේ බූදලයක් යැයි සිතිය හැකිද? මීට ප්‍රථම බණ්ඩාරනායකවරුන් සිතා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු ඔවුන්ගේ තනි බූදලයක් වන බවයි. නමුත් රාජපක්ෂවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂයක් ලෙස විනාශකර දමමින් සිය පවුල පක්ෂයට වඩා ප්‍රබල යැයි සිතන්නට පටන් ගත් නිසා ඒ බණ්ඩාරනායකලාගේ බුදල්කාරකමද අහෝසි විය. සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරණ පරිදි පක්ෂයක නායකත්වය ඔහුට අභිමත පරිදි කැමති අයෙකුට පැවරීමට ඔහුට තිබෙන බලය කුමක්ද?

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මංගල සමරවීර මහතා පවසන්නේ නායකත්වය යන්න ව්‍යවස්ථාවට පිටින් කැමති කෙනෙකුට කැමති පරිදි වෙනස් කළ හැකි දෙයක් නොවන බවයි. සජිත් ප්‍රේමදාස ඇතුලු මේ දේශප්‍රේමි යැයි කියා ගන්නා කණ්ඩායම උත්සහා කරන්නේ මේ වන විටත් රාජපක්ෂවරුන් හිමිකර ගෙන ඉන්නා දේශප්‍රේමී මතවාදය තමන්ගේ ගොඩට දා ගනිමින් බලය ලබා ගැනීමට උත්සහා කිරීමය මේ නිසා මේ මොහොතේ බලය බෙදීම වැනි මාතෘකා ගැන ඔවුන් කථා නොකරන්නට පරිස්සම් වන්නේ සිය ජාතිවාදී මතවාදය පෝෂණය කරන්නට අවශ්‍ය කරණ නිසාය. මේ අර්ථයෙන් ඔවුන් නියෝජනය කරන්නේ දේශප්‍රේමී පහසු ගමන් මගයි.

නමුත් රනිල් වික්‍රමසිංහ මේ මොහොතේ තොරා ගෙන තිබෙන්නේ දේශප්‍රේමී පහසු මාවත වෙනුවට බලය බෙදීම නම් වූ දුෂ්කර මාර්ගයයි. ලංකාව තවත් දකුණු සුඩානයක් නොවන්නට නම් මේ මෙහොතේ තෝරා ගත යුත්තේ දුෂ්කර මාර්ගයයි.
රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් කරණු ලබන්නේ නම් එය පක්ෂ ව්‍යවස්ථාවට අනුව කළ යුතුය. ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණය එයයි. පක්ෂයක් යනු පවුලේ බුදලයක් නොවන බව සජිත් ප්‍රේමදාස මහතා තේරුම් ගනු ඇතැයි අප විස්වාස කරන්නෙමු.

ශී‍්‍ර ලංකාවේ ජනවාර්ගික අර්බුදය නිමා කිරීම සඳහා බලය බෙදා හැරීම පිළිබඳව තම පක්‍ෂය සහ ද්‍රවිඩ ජාතික සන්ධානය ආණ්ඩුව සමග සාකච්ඡා කරමින් සිටින බවත්, දේශපාලන විසඳුමකට තම පක්‍ෂය පූර්ණ සහාය දෙන බවත් මෙහිදී සඳහන් කර සිටි විපක්‍ෂ නායකවරයා, එවැනි තත්ත්වයක් තුළ ශී‍්‍ර ලංකාවේ වාර්ගික අර්බුදය විසඳා ගැනීමට ජාත්‍යන්තරයේ සහාය ලබාදෙන ලෙස ඉල්ලීමක්ද කර ඇත.

පොදු රාජ්‍ය මණ්ඩලයේ ප‍්‍රඥප්තීන් යටතේ සෑම රටකම ෙසෙවරීයභාවය හා භෞමික අඛණ්ඩතාවය අනිවාර්්‍යයෙන්ම පිළිගත යුතු බවත්, එවැනි තත්ත්වයක් තුළ ශී‍්‍ර ලංකාවේ ෙසෙවරීයභාවයට හා භෞමික අඛණ්ඩතාවයට බලපෑමක් කරන දකුණු සුඩානයට පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය දීම ගැටලූ සහගත බවත් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කර ති

Tell a Friend