බලය බෙදන්නට ප්‍රශ්ණයක් තිබෙනවාද?

ත්‍රිමාණ විසිනි

උතුරේ ඡන්දය ආණ්ඩුව ඉහළින්ම ජයග්‍රහනය කරණු ලැබීය. ආණ්ඩුව මේ ඡන්දය ජයග්‍රහනයේ කරණු ලැබුවේ ජනතාවට ප්‍රශ්ණ කන්දරාවක් තිබියදීය. හාල් වල ආසනික් තිබෙන බව කියන්නේ අප නොව මහාචාර්ය නලින්ද සිල්වාය. සමහර විට හාල් වල ආසනික් තිබෙනවා වන්නට පුලුවන. මේ ආසනික් හාල් අනුභව කිරීමෙන් තමන් රෝගි විය හැකි බව ජනතාව නොදන්නවා වන්නට බැරිය. අනෙක් අතට ප්‍රෙට්රල් වල අපද්‍යව්‍ය නිසා ජනතාවට මහ මග නතර වන්නට සිදුව තිබේ. මේවා ගැන දැන දැනම ජනතාව ආණ්ඩුව ඉහලින්ම ජයග්‍රහනය කරා ගෙන ගියේ ඇයි?

විපක්ෂයත් මෙවර මැතිවරණය අන්ත දූෂිතයැයි නොකීවෝය. කියන්නට යමක් අවශ්‍ය නිසා ඡන්දය දූෂිතයැයි කීය.
ජනතාවට ජීවත් වන්නට බැරි තරමි ජීවන වියදම ඉහල ගොස් තිබියදීත් හාල් වල ආසනික් තිබියදීත් බාල ප්‍රෙට්රල් නිසා මහමග වාහන නතර වද්දීත් ආණ්ඩුව මැතිවරණය ඉහලින්ම ජයග්‍රහනය කලේය. ජනතාව මේ විදිහට ආණ්ඩුව ආරක්ෂා කරනනේ මන්ද? කන්න නැතත් ජනතාවට දේශප්‍රේමීත්වය වටිනවා යැයි සමහරුන් ප්‍රකාශ කරයි. ජනතාව ඔය කියන තරම්ම දේශප්‍රේමී නම් ෆොන්සේකාට මෙතරම් කාලයක් සිර ගෙදර ඉන්නට සිද්ධ වෙයිද? අනෙක් අතට මේ දේශප්‍රේමී ජනතාව ඔය කියන තරම් සවිඥාණික නම් මේ තරම් දූෂිතයැයි විපක්ෂය චොදනා කරණ මාධ්‍ය මර්දනය කරණ ආණ්ඩුවට නැවත නැවතත් ඡන්දය දෙයිද? මේ නිසා දකුණේ දේශප්‍රේමීත්වය සමිබන්ධයෙන් අපට දෙවරක් සිතා බලන්නට සිදු වෙයි.
නමුත් උතුරේ දේශප්‍රේමීත්වය අපට මෙසේ හෑල්ලුවට ලක්කරණු ලැබිය හැකිද? මෙවර මැතිවරණ ප්‍රතිඑල නිරීක්ෂණය කිරීමේ දී පැහැදිලිවම උතුර සහ දකුණ වශයෙන් බෙදීමක් විනා පක්ෂ භේදය මත බෙදීමක් දක්නට නොලැබේ.

උතුරේ ජනතාවට සංවර්ධනයේ බණ දේශනා කරද්දීත් හමුදාව ගෙන් ගෙට ගොස් ආණ්ඩුවට ඡන්දය දෙන්න යැයි බලපෑම් කරද්දීත් උතුරේ ජනතාව තෝරා ගන්නේ දෙමල ජාතික සංධානයයි.

මේ සංඥාව පැහැදිලිවම අපට පසක් කරන්නේ උතුරේ ජනතාව දේශපාලන විසදුමක් අපේක්ෂා කරණ බව නොවෙද? චම්පික වර්ගයේ උදවිය ඔන්න දැන් උතුර සංවර්ධනය කරපල්ලා යැයි දෙමල ජනතාවට කීවාට මැතිවරණ ප්‍රතිඑල හී සංඥාව මේ තරමි මර්දනයක් හමුවේ පවා දෙමල ජනතාව දේශපාලන විසදුමක් ඉල්ලීම පසක් කරයි.

බලය බෙදන්නට දැන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ආණ්ඩුවට සිදුවේ. රනිල් වික්‍රමසිංහ බවා මෙයට එකග වී සිටින අතර ජාත්‍යයන්තරය ද ඉගි කරන්නේ ඉක්මනින් දේශපාලන විසදුමක් ලබා දෙන ලෙසයි. බලය බෙදනවාට විරුද්ධ නලින්ද සිල්වලා රතනහිමිලා ආසනික් මත මරාගෙන මැරෙන්නට දගලන නිසා සේම ජාතිවාදී චම්පිකට විමල් වීරවංශට දැනටමත් ආණ්ඩුවෙන් කුඩම්මාගේ සැලකිලි ලැබෙන නිසා බලය බෙදනවාට එරෙහිව තව දුරටත් බලවේගයක් ගොඩ නගන්නට හැකියාවක් නොමැත.

අනෙක් අතට ද්‍යෂ්‍යමාන සිය අයිතිවාසිකම් උදෙසාවත් හඩ නොනගන ජනතාවක් අද්‍යශ්‍යමාන බලය බෙදනවාට එරෙහිව පාරට බසිනු ඇතැයි සිතන්නට හැකිද? ආසනික් හාල් කන බාල ප්‍රෙට්රල් වලින් වාහන කැඩුනාම නිහඩව ඉන්න ජනතාවක් බලය බෙදනවාට එරෙහිව මාරාන්තික සටනක් අරබනු ඇතැයි සිතන්නට බැරිය.

අනෙක් අතට මේ වන විටත් දෙමල ජනතාවටත් වඩා දෙමල මිනිසුන්ගේ අයිතීන් උදෙසායැයි කෑමොර දෙන ජ.වි.පෙ මෙයට එරෙහිව යළි හඩ නැගුව හොත් එය පුහු විරෝධයක් විනා එතරම් සීරියස් වන්නේ නැති බව පැහැදිලිය.

ඉතින් දැන් වසර ගානනාවක් ඔද්දල් වුණ ජාතික ප්‍රශ්ණයට ස්ථීර පිළිතුරක් ලබා දෙන්නට හැකිවෙනවා නම් හොදය. එය කවුරුන් අතින් සිද්ධ වුනත් වඩා වැදගත් වන්නේ දෙමල ජනතාවගේ ගැටලුවලට ඔවුන් අපේක්ෂා කරණ මට්ටමින් උත්තරයක් ලබා දීමය.

Tell a Friend