පාකිස්තානයේ ක්‍රීඩාංගනයක සිදු වූ බෝම්බ පිපිරීමෙන් තිදෙනෙක් මරු දකී.

සිකුරාදා (29) පාකිස්තානයේ මස්ටවුන්ග් දිස්තික්කයේ ක්‍රීඩා ලෝලීන් පිරිසක් විසින් පාපන්දු ක්‍රීඩා තරඟයක් නරඹමින් සිටි අවස්ථාවේදී මෙම බෝම්බ පිපුරුම සිදු වී ඇති අතර එය සිදු වීමෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර 25 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවට පුවත් වාර්තා සඳහන් කරයි.

බෝම්බය පිපිරීමෙන් පසුව ක්‍රීඩාංගනයෙන් පිටත රැඳී සිටි නාදුනන ආයුධ සන්නද්ධ පුද්ගලයකු විසින් මිනිසුන් වෙත ප්‍රහාර එල්ල කල බවට සාක්ෂි ලැබී ඇත.

ප්‍රහාරයට ගොදුරු වුවන් අතර එම පළාතේ මහා ඇමති නවාබ් අස්ලම් රායිසනිගේ මුනුබුරෙකු වන 14 හැවිරිදි අක්මාල් රායිසනි උණ්ඩ 2ක් ශරීර ගත වීම නිසා රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගොස් ඇත. සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගත කල බොහෝ අයගේ තත්වය බරපතල බව වාර්තා වේ.

ප්‍රහාරයේ වගකීම තවමත් කිසිම කණ්ඩායමක් විසින් බාර ගෙන නැත. බලුකිස්තානය පාකිස්තානයේ පවතින තවමත් සංවර්ධනය නොවුන පලාතක් ලෙස සැලකේ.

Tell a Friend