හපුතලේ පාසල් ගුරුවරියකට මඟ රැක සිට පෙට්‍රල් දමා ගිනි තබලා

සැකකාර සෙබළා අත්අඩංගුවට

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, එස්‌. බුවනෙක හපුතලේ සහ කරුණාරත්න පල්ලේගම බණ්‌ඩාරවෙල

හපුතලේ ප්‍රදේශයේ පාසල් ගුරුවරියකට යුද හමුදා සෙබළකු විසින් ඊයේ පෙරවරුවේ පෙට්‍රල් වක්‌කර ගිනි තැබීම හේතුවෙන් ඈ බරපතළ පිළිස්‌සුම් තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි හපුතලේ පොලිසිය පවසයි.

මෙම ගුරුවරිය සේවය කරමින් සිටියදී ඇගේ ජංගම දුරකථනයට ඇමතුමක්‌ ලැබී තිබේ. එහිදී එම ඇමතුම ලැබී ඇත්තේ සැකකාර යුද හමුදා සෙබළාගෙනි. පසුව එම සෙබළා නිතර නිතර ගුරුවරියට කතා කිරීම නිසා ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක්‌ ගොඩනඟාගෙන තිබේ.

මේ ගැන එම සෙබළාගේ බිරිඳට ආරංචිවීමත් සමඟ ඈ ඔහු සමඟ නිතර නිතර ආරවුල් ඇතිකරගෙන ඇත.

මේ හේතුවෙන් ඊයේ පෙරවරුවේ එම ගුරුවරිය නාවාතැන්පළේ සිට පාසල කරා යන අතරතුරේ මග රැක සිට ඇති යුද හමුදා සෙබළා ඇයට මෙසේ පෙට්‍රල් වක්‌කර ගිනි තබා ඇතැයි පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය විය.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර සෙබළා පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත.

මේ පිළිබඳව බණ්‌ඩාරවෙල කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි ජගත් චන්ද්‍රකුමාර මහතාගේ අධීක්‍ෂණය යටතේ හපුතලේ පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ප්‍රියංකර කුමාර රත්නායක මහතාගේ උපදෙස්‌ මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

Tell a Friend