යකෝ ! අපි පොලිසියෙන් - උඩුගම පොලිසිය


01.සභාපති
මානව හිමිකම් කොමිෂන් සභාව
108” බාන්ස් පෙදෙස”
කොළඹ 07.

02.සභාපති
ජාතික පොලිස් කොමිෂන් සභාව
03 වන මහළ” රොටුන්ඩා ටවර්”
109” ගාලූ පාර”
කොළඹ 03.

03.පොලිස්පති
පොලිස් මූලස්ථානය
කොළඹ 01.

04. නියෝජ්‍ය පොලිස්පති
දකුණු දිසා භාර
නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය
ගාල්ල.

05. අධ්‍යක්ෂක
නීති කොට්ඨාශය
පොලිස් මූලස්ථානය
කොළඹ 01.

ලිඛිත පැමිණිල්ල

හේනගොඩ විතානාච්චිගේ ගාමිණී හෙවත් කපිල වයස අවු: 41 යි” විවාහක” දරුවන් : 03 යි” රැකියාව : ගොවිතැන් ලිපිනය : ගමගෙදර වත්ත” කැටගොඩ” උඩුගම’ 2011.07.01 දින දීය.

පොසොන් පෝය දින නිවාඩු නිසා මාගේ වැඩිමහල් දරුවන් දෙදෙනා ගෙදර සිටි නිසා ඊට පසුදින එනම් 2011.06.16 වන දින සවස මා ඔවුන් දෙදෙනා බෝඩිමට ඇරලීම සඳහා මාගේ ත‍්‍රීරෝද රථයෙන් ගාල්ලට ගියා.

මා ගෙදරට ආවේ රාත‍්‍රී 9’30-9’45 අතර වෙලාවකයි’ ප‍්‍රධාන පාර සිට මගේ නිවසට යන පාර අසල පියදාස ජයසේකර නමැති අයගේ නිවස තියෙනවා’ ඔහුගේ දුවෙකු වන දීපානි ජයසේකර උඩුගම පොලිසියේ ග‍්‍රාමාරක්ෂක නිලධාරිණියකි’ මා එම නිවස අසලින් යන විට ඒ ගෙදර රණ්ඩුවක් වෙනවා දැක්කා’ දීපානි යන අයගේ ස්වාමිපුරුෂයාත් ඔහු සමග සිටි තවත් නාඳුනනා පුද්ගලයන් දෙදෙනෙකුත් දීපානිත් ඇයගේ මවත් පියාත් සමග රණ්ඩු වනවා දුටුවා’ මා එම ගෙදරට නොගොස් ඒ දෙස බලාගෙන ගියා.

මාගේ නිවස තියෙන්නේ එතැන සිට මීටර් 75 ක් පමණ දුරින්’ මට නිවසට ගිය පසු ද හයියෙන් රණ්ඩු වෙන සද්දෙ ඇහුණා’ නිතර නිතර එම නිවසේ රණ්ඩුවෙන නිසා මා ඒවා ගණන් ගත්තේ නැහැ.

මම ඇඟ සෝදාගෙන රාත‍්‍රී කෑම ගත්තා’ මා කෑම කෑවේ කුස්සියේ ඉඳගෙනයි’ එවිට මට ඇසුණා ගෙදර පැත්තට කවුරුන්හෝ දුවගෙන එනවා’ ඒ සමගම ශබ්දයකුත් ඇසුණා’ එවිට මගේ බිරිඳ වන පී’ එල්’ ඉන්ද්‍රානි ඇසුවා කවුද ගේ ඇතුලෙ තියෙන බයිසිකලයට ගැහුවේ කියා’ එවිට දුවගෙන ආපු අය කිව්වා යකෝ අපි පොලිසියෙන්” උඹලාට මේවා තියාගන්න පුළුවන්ද” අපි මේවා ගෙනියනවා කියලා’ මගේ නිවසේ ඉදිරිපස පැත්තේ මගේ ත‍්‍රීරෝද රථ දෙකක් හා යතුරුපැදිය තබා තිබුණා.

මම කෑම පිඟාන පැත්තකින් තියලා ඔය දේවල් මගේ කියාගෙන එතනට ආවා’ එවිට උඩුගම පොලිසියේ විජේනායක රාළහාමි මාව මගේ බෙල්ලෙන් අල්ලාගෙන” උඹලා චණ්ඩිද කියා පොල්ලකින් මගේ පිට ප‍්‍රදේශයට ගැහුවා’ එතන තවත් පොලිසියේ මහත්තුරු තුන් දෙනෙක් හෝ හතර දෙනෙක් හිටියා’ ඔවුන් සිටියේ සිවිල් ඇඳුමින්’ ඔවුන්ද මට පොලූ වලින් ගැහුවා’ එවිට මගේ ඔලූවට එක සැරේම පහරවල් දෙකක් වැදුණා’ මට සිහිය නැතිව ගියා.

යළිත් මා හට සිහිය එනවිට මා සිටියේ ප‍්‍රධාන පාරේ මාගේ ත‍්‍රීරෝද රථයේයි’ මම එහි සීට් එකෙන් බිමට දමා පොලිසියේ කෙනෙක් මගේ පපුවට අතින් පහරදෙමින් සිටියා’ ඒත් මම සිහිය ආපු බව ඔහුට ඇෙඟව්වේ නැහැ’ මාව මරාවිය කියලා මට හිතුණා’ එවිට එතනට පොලිසියේ උසස් නිලධාරියෙකු පැමිණි බව මට තේරුණා’ එම නිලධාරියාට එහි සිටි නිලධාරින් සර් කියා කතා කළා’ ඔහු කියනවා ඇසුණා ඕකා කාටවත් දෙන්න එපා” මූ මැරිලා කියලා’ මට තවත් බය හිතුණා.

ඒ වන විට ගමේ මිනිසුන් විශාල පිරිසක් එතනට පැමිණ සිටින බව මට දැණුනා’ මට හිතෙන විදිහට මේවා එතන හිටපු ගමේ මිනිස්සුන්ට ඇහුණා’ ඔවුන් මම ඉන්න තැනට ඇවිත් පොලිසියෙන් මාව ලබා ගත්තා’ ත‍්‍රිරෝද රථයෙන් එළියට අරගෙන එතන නවතා තිබුණු ලොරියකට දාගත්තා” රෝහලට අපි ගෙනියන්නම් කියලා’ ඒත් පොලිසියේ විජේනායක රාළහාමි කිව්වා ගෙනියන්න එපා කියලා ලොරිය ඉදිරියට පැමිණ ලොරියට යාමට නොහැකි වන ලෙස බාධා කළා’ එතකොට ලොරියටද පහර දුන්නා’ ඒත් ලොරියේ රියැදුරු මහතා මාව අරගෙන උඩුගම මූලික රෝහලට අරගෙන ගියා’ එහිදී මට සේලයින් ලබාදී කරාපිටිය රෝහලට ගිලන් රථයෙන් අරගෙන ගියා.

මා කරාපිටිය රෝහලට ඇතුළත් කළේ 2011.06.16 දින’ මා එහි 10 වන වාට්ටුවේ ප‍්‍රතිකාර ලැබුවා’ 2011.06.18 වන දින ටිකට් කැපුවා’ එදින ගෙදරට පැමිණ මට පහරදුන් අනෙක් නිලධාරින් වනුයේ” ඉන්දික” රොෂාන් හා ඈපා යන නිලධාරින්ය’ තවද මෙම නිලධාරින් මත්පැන් බී සිටි බවද ප‍්‍රකාශ කරමි.

එදින රාත‍්‍රියේ මට පහරදුන් නිලධාරින් මාගේ ත‍්‍රීවිල් දෙකට හා යතුරුපැදියට පහරදී අලාභහානි කර ඇත.

2011.06.17 වන දින මා හිටපු වාට්ටුවට කරාපිටිය රෝහල් පොලිසියේ මහත්තයෙක් කටඋත්තර ගන්න ආවා’ ඒ මහත්තයාට මා සියලූදේ විස්තර කර කිව්වා’ ඒත් ඒ මහත්තයා ලිව්වේ වෙන වෙන දේවල්’ එවිට මා ඇහුවා ඔය මහත්තයා ලියන්නේ මම කියන දේවල් නෙමෙයිනේ කියලා’ එවිට ඒ මහත්තයා ලියන්නේ තමුසෙට උවමනා දේවල් නෙමෙයි” මට උවමනා දේවල්ය කියා’ එවිට මම කිව්වා මම ඔය කොලේට අත්සන් කරන්නේ නැහැ කියලා’ ඒක ලිව්වෙත් කොල කැබැල්ලකයි’ එවිට ඒ මහත්තයා යන්න ගියා’ මම මේ බව මගේ දුරකථනයෙන් 119 අමතා කිව්වා’ පස්සේ ඒ මහත්තයා නැවත සවස 2’00-3’00 පමණ ඇවිත් මා කියූ ලෙස ප‍්‍රකාශයක් ලබා ගත්තා.

මේ දෙවල් නිසා මා හිටියේ ඉතාම බයෙන්’ කරාපිටිය රෝහලෙන් ටිකට් කපා මා ගෙදර නොගොස් මගේ සොහොයුරාගේ නිවසට ගියා’ එහිදී නැවතත් මගේ හිසේ අමාරුවක් හැදුණා’ මට හරියට කල්පනාවක් නැතිව ගියා’ පසුව එදින 2011.06.18 වන දින රාත‍්‍රියේදී මම හික්කඩුව ආරච්චිකන්ද රෝහලට ඇතුළත් වුණා.

ඒත් මට 2011.06.19 දින රාත‍්‍රියේ ටිකට් එක අත්සන් කරලා යන්න සිදුවුණා’ ඒ මගේ බිරිඳ වන ඉන්ද්‍රානි හිනිඳුම සහකාර පොලිස් අධිකාරි කාර්යාලයට මේ සම්බන්ධව කරපු පැමිණිල්ලකට කටඋත්තර දෙන්න යන්න තිබෙන නිසා’ 2011.06.20 වන දින මා සහකාර පොලිස් අධිකාරි වෙත ප‍්‍රකාශයක් ලබාදුන්නා.

2011.06.22 වන දින ද නැවතත් මා අසනීප වූ නිසා හික්කඩුව ආරච්චිකන්ද රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබාගැනීමට ඇතුළත් වුණා’ 2011.06.26 වන දින දක්වා ප‍්‍රතිකාර ලැබුවා.

2011.06.22 දාතමින් මා මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවේ මාතර ශාඛාව වෙත ලිඛිතව පැමිණිලි කරනු ලැබුවා.

මේ වන විට ගමේ තවත් පුද්ගලයින් 04 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

තවද මාවත් තවත් පුද්ගලයන්වද පොලිසිය අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටිනවා’ මෙම සිද්ධිය වූ දිනයේ රාත‍්‍රියේ පොලිසියෙන් ගමේ තවත් අයටද නිකරුණේ පහරදී තිබෙනවා’

මා ඉල්ලා සිටින්නේ,

1. මා කිසිදු අවස්ථාවක රණ්ඩු වීමට හෝ කිසිදු කෙනෙකුට කරදරයක් නොකළ බවත්” එසේ සිටියදී නීති විරෝධී ලෙස මා හට උඩුගම පොලිසියේ නිලධාරින් විසින් පහරදීම සම්බන්ධව හා අත්අඩංගුවට ගැනීමට සෙවීම සම්බන්ධව ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙසත්”

2. මාගේ යතුරුපැදියට හා ත‍්‍රීවිල් රථයට අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් එම නිලධාරින්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙසත්ය

3. තවද මට හා මගේ පවුලේ අයටත් අවශ්‍ය ආරක්ෂාව සලසාදෙන ලෙසත්”

එච්.ඩබ්. ගාමිණී

ජනසංසදය