මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා දේශපාලනඥයින් සම්බන්ද බව අගමැති දි. මු. ජයරත්න පවසයි

අමිල ගුණරත්න

මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා දේශපාලනඥයින් බොහෝ දෙනෙක්‌ සහාය දක්‌වන්නේ යෑයි තමන් පිළිගන්නා බව අගමැති දි. මු. ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. දිරච්ච මුල් ජයරත්නට පමා වී හෝ සත්‍ය වැටහීම සතුටට කරුණකි. පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් දේශපාලකයින් කිසිවකු මත්ද්‍රව්‍ය පිළිබඳ කරන පරීක්‍ෂණවලට බලපෑම් නොකරන බව ඔහු වැඩිදුරටත් කිවේය. මෙය නම් දිරච්ච මුල් ජයරත්න සීයාගේ කෙබරයකි. කුඩු ලාලිත්‍ර අත්අඩංගුවට ගැනීම නිසා මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්‍ෂවරයා හදිසියේම මාරු කල බව සීයා හොඳ හැටි දනියි. සීයාගේ දැනුම පිණිස මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා සහාය දෙන පාර්ලිමේන්තුවේ සිටින දේශපාලඥයන්ගෙන් දෙදෙනෙකුගේ නම් අපිට කිව හැක. ඔවුන් නම් මර්වින් සිල්වා සහ දුමින්ද සිල්වාය. මර්වින්ගේ පුතාගේ එක්ස්ටසි වියාපාරය ගැන මිට කලින් අපි ලියා තිබේ. නමුත් දිරච්ච මුල් ජයරත්න සීයා එක්ස්ටසි ගැන අසා නැතුවා විය හැකියි. ඔය මර්වියා ගම්පොල පැත්තේ එන වෙලාවක එක්ස්ටසි පෙති දෙක තුනක් ගෙන එන්න කියන්න. ඒත් ඒවා පාවිචිය භයානක බව සීයාට කියන්නේ තියන ලෙන්ගතුකමටයි. මත්ද්‍රව්‍ය ජාවාරම ලංකාවෙන් නැති කිරීමට සීයාට හත්තිය නැති බව අපි දනිමු. සීයා ඔය පතෝල වැටකොළු වැනි කෙනෙක් නිසා දෙන දෙයක් කාලා වෙනදෙයක් බලාගෙන හිටියා නම් අඩුම ගානේ කුරියා ගැසූ පසු රාජ්‍ය ගව්රව සහිතව නිදහස් චතුරශ්‍රයේදී සරීරය ආදාහනය කර ගැනීමටවත් පුළුවන්. ඒ නිසා වැඩිය ඔය කුඩු කතා ගැන නොකියා හිටියොත් හොඳයි.


Tell a Friend