අපි හිරේ යන්න වුනත් ලෑස්තියි - එෆ්. යු. ටි. ඒ (F.U.T.A)

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගම් සන්දානය සැලකියයුතු වැටුප් වැඩිකිරීමක් ඉල්ලා අරගලයක නිරත වෙති. ඔවුන් සිය ඉල්ලීම් දිනා ගැනීම සදහා කරන අරගලයේදී සිරගෙදරට වුවද යාමට සුදානම් බව ප්‍රකාශ කරති.

මෙම සන්දානයේ මාද්‍ය ප්‍රකාශක ආචාර්ය මාහිම් මෙන්ඩිස් ඩේලි මිරර් වෙත කිවේ තමන් ගිය සතියේ අබියාචනා අදිකරණය දුන් අන්ඥාවට අකිකරුවිමට සුදානම් බවයි. එම අන්ඥාවෙන් රුහුණු, ජපුර, සහ වයඹ උපකුලපතිවරු එම විශ්වවිද්‍යාලවල අංස ප්‍රදානින්ගේ ඉල්ලා අස්වීමේ ලිපි බාරගැනීම වලක්වා තිබුණි.

මෙම අතුරු අනඥාව ඉවත් කිරීමට ඇති හැකියාවන් පිළිබද නීතිමය උපදෙස් තමන් ගනිමින් සිටින බවත් මේ අන්ඥාවට විරුද්ද වී සිරගතවීමට පවා තමන් සුදානම් බව මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළේය.

මේ අතර එෆ් යු ටි ඒ තමන් වුර්තිය සමිති ක්‍රියාමාර්ගය දැඩි කරන බව ගිවිස ගනී. ඊට හේතුව ජනදිපතිවරයා සහ එෆ් යු ටි ඒ අතර අරලියගහ මැදුරේ දෙවන වරට ආරම්බ වූ සකච්චාවලදී ජනදිපතිවරයාගෙන් සහ අදාල නිලදරින්ගෙන් ගැටලුවට විසදුම් දෙන සේයාවක් නොපෙන්විමයි.

ඩේලිමිරර් ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා

Tell a Friend