ස්ත්‍රීන් හංවඩු ගැසීම නිසා මැලේසියානුවන් අපකීර්තියට ලක්වේ.

ගනිකාවුර්තියේ යෙදීම සම්බන්දයෙන් රදවා සිටි විදේශික කතුන් 30 ක් දම්වැල් වලින් බැද ඔවුන්ගේ ඇගේ සලකුණු කිරීම පිලිබදව මැලේසියානු පොලිසිය එරට නිතින්ඥාවරුන්ගේ, දේශපාලකයින්ගේ සහ ක්ර්යදරයින්ගේ දැඩි විවේචනයට පාත්‍ර විය.

විරුද්ද පාක්ෂික දේශපාලනඥයකු කිවේ කතුන්ව හංවඩු ගසා තිබුනේ ගවයින් හා සමානව බවයි.

තම රැදවියන් සම්බන්දයෙන් හුදු බලය සහ ඉහල මනොබාවය පෙන්වීමට පොලිසිය මෙවැනි අමානුෂික ක්‍රියා කිරීම පිළිකුල්සහගත බව වැඩිදුරටත් ප්‍රකාශ වේ.

දේශීය මාද්‍ය මේ රදවුම් බාරයේ සිටි කාන්තාවන්ගේ චයාරුප ප්‍රසිද්දියට පත් කරන ලදී. ඒවායේ මෙම කාන්තාවන්ට දිගු මාංචු දමා තිබුණු අතර නළලේ සහ පපුවේ හරි ලකුණ හෝ වැරදි ලකුණ සලකුණු කර තිබිණි.

රැදවියන් පිඩාවට පත්කළ පොලිසියේ හැසිරීම ගැන විමර්ශනයක් කරන්නයි කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් ඉල්ලා සිටි.

පොලිසිය තම විත්තිවාචකය ලෙස කියන්නේ තමන් කාන්තාවන්ගේ සිරුරු සලකුණු කලේ ඔවුන්ව හදුනා ගැනීමට බවයි.

අල් ජසිරා ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා

Tell a Friend