රෝශේන්ගේ සොයුර ඔබ නිවැරදිය.

හර්ෂි සි. පෙරේරා
"කටුනායක සිද්ධියේ දී අවාසනාවන්ත ලෙස මියගිය රොෂේන් ශානක කිසිදු දේශපාලන ව්‍යාපාරයකට කුමන හෝ අයුරකින් සම්බන්ධ නැති බවත් එබැවින් දේශපාලන ව්‍යාපාරවල ප්‍රචාරය හා ප්‍රයෝජනය සඳහා ඔහුගේ මරණය යොදා නො ගන්නා ලෙසත් රොෂේන් ශානකගේ සහෝදරයා වන වෛද්‍ය ශිෂ්‍ය මධුෂාන් රත්නසේකර මහතා සියලු දේශපාලන පක්ෂවලින් හා වෘත්තීය සමිතිවලින් ඉතා අවධාරණයෙන් ඉල්ලා සිටී. තම පවුලේ කිසිවකු කිසිදා කිසිදු දේශපාලන ව්‍යාපාරයකට හෝ පක්ෂයකට හෝ සම්බන්ධ වී කටයුතු කර නැති බව ද ඒ මහතා කියා සිටී."

ඉහත ප්‍රකාශය සමග නැගෙන ප්‍රශ්නය කවුද රෝශේන්ව මරා දැමීමට වග කිවයුත්තේ යනුයි. ඔහුගේ ලේ සෙලවුයේ 88 - 89 බිෂන කාලේ අතුරුදහන්වුවන් වෙනුවෙන් පෙනී සිටි ඒ වෙනුවෙන් සැදු ස්මාරක විවුර්ත කල රාජපක්ෂකගේ වත්මන් ආණ්ඩුවේ පොලිසියයි. පොලිසිය නිතිය ක්‍රියාත්මක කරන්නේ රාජපක්ෂ ආණ්ඩුවට ඕනෑ විදියටයි. රාජපක්ෂ ජනදිපතිවරයා නීතියට ඉහලින් සිටි.

මේ එකදිපති නිතිය නිර්මාණය කලේ කවුද? එක්සත් ජාතික පක්ෂයේ ජේ. ආර් ආණ්ඩුවයි. ඒ මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ සහ යුක්තියේ මළගම උදාකිරිමෙන් හදුන්වාදුන් 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාව මගිනි.

ජේ වී පෙ කලේ කුමක්ද? රාජපක්ෂව 1978 විවස්ථාව යටතේම රටේ නායකයා ලෙස අබිශේක ලැබීමට උදවු කිරීමය. ඒ වගේම ඔවුන් 88-89 බිෂණයේ මරාදැමු සහ අතුරුදහන් කල තම නායක විජේවීර ඇතුළු සගයින් වෙනුවෙන් යුක්තිය ඉල්ලා කිසිවක් කලේ නැත. ඔවුන්ගේ මෙම වගකීම පැහැර හැරීම ඒ අදුරු ඉතිහාසය නිමා නොවීමට මෙන්ම නැවත්තත් පාලකයින්ට එවැනි බිහිසුණු අපරාද සිදුකර දඩුවම් නොලබා සිටීමේ තත්වය සදහා සහය පල කිරීමක් විය.

රෝශේන්ගේ සොයුර ඔබ නිවැරදිය. රාජපක්ෂ ආණ්ඩුවට, යු. එන්. පි සහ ජේ. වී පි යට අවශ්‍ය මේ මළගම තම පටු අරමුණු සදහා යොදා ගැනීමටය. එය ඔවුන් අද ඊයේ කල දෙයක් නොව ඉතිහාසය පුරාවට කල දෙයකි.

නමුත් ඔබට තම මියගිය සෝයුරා වෙනුවෙන් යුක්තිය ඉටු කරගැනීමට සටන්කළ හැක. ඒ සදහා මේ මනුෂ්‍ය ගාතනය සම්බන්දයෙන් රටේ ඉස්මතු වූ මහජන කතිකාවේ සහය පැතිය හැක. ඔබ සහ ඔබේ පවුලේ සාමාජිකයින් නිලය, බලය සහ දනය හමුවේ නොසැලී යුක්තිය සදහා සිදුකරන නොනවතින අරගලය මේ රටේ මෙවන් කෙදජනක සිදුවීම් වලට නැවතීමේ තිත තැබීමේ ආරම්බයක් වනු ඇත.


Tell a Friend