EXCLUSIVE: අධිකරණ නියෝගය බොරුවක්

පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් පනතට එරෙහිව කළ උද්ඝෝෂණයේදී පොලිස්‌ වෙඩි තැබීමෙන් මියගිය රොෂෙන් ශානක තරුණයාගේ අවමංගල්‍ය කටයුතුවලට අදාළව මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත් කේ. කේ. ඒ. වී. ස්‌වර්ණාධිපති මහත්මිය නියෝගයක්‌ නිකුත් කර තිබේ යනුවන් අද පුවත් පත් වාර්තා කිරීම සම්පුර්ණ අසත්‍යක් බවත් එය ආණ්ඩුව විසින් හිතා මතාම කළ බොරු ප්‍රචාරයක් බවත් අපට වාර්තා වේ. එම නියෝගයට අනුව තරුණයාගේ මෘත දේහය නිවසේ සිට දේවස්‌ථානය දක්‌වාත් ඉන්පසුව සුසාන භූමිය දක්‌වාත් හැර වෙනත් කිසිදු ස්‌ථානයකට රැගෙන යා නොහැකි වන අතර අවසන් කටයුතු හෙට (04 වැනිදා) සවස 3 ට සිදු කළ යුතු වේ යනුවෙන් ආණ්ඩුව විසින් ප්‍රචාරය සිදු කොට ඇත්තේ එහිම කොටසක් වශයෙනි.

මේ වනවිට මිය ගිය තරුණයාගේ මුළු පවුලටම ආණ්ඩුව විසින් ප්‍රභල බලපෑමක් සිදු කොට ඇති අතර ආණ්ඩුව කෙසේ හෝ අදාළ මිනි මැරීම නිසා ඇති විය හැකි ප්‍රබල ජනතා විරෝධය යටපත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින්නේය.


Tell a Friend