පිළිකාවක් ලෙස පැතිර යන "තහනම් උත්තේජක".

හර්ෂි සි. පෙරේරා
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන කිලෝග‍්‍රෑම් 90 ට වැඩි බර පන්තියේ බර ඉසිලීමේ ක‍්‍රීඩකයෙකු වන රන්සිළු ජයතිලක තහනම් උත්තේජක චෝදනාවට ලක්ව සිටින බව කී‍්‍රඩා වෛද්‍ය ඒකකය ප‍්‍රකාශ කරයි. මංජු, චින්තක, උපුල් තරංග ගොඩට අලුතෙන්ම වැටුනේ රන්සිලුය.

පහත අදහස් දැක්වුයේ ජේ. වී. පි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකය.

ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගට එරෙහි තහනම් උත්තේජක චෝදනා සම්බන්ධව විමර්ශනයක් සිදුකර වැරදිකරුවන්ට දඬුවම් ලබාදිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒලියන්ත වයිට් විසින් ජාතික කණ්ඩායමේ වෛද්‍යවරයා ලෙස ඉන්දීය සංචාරයේදී ක්‍රිකට් ආයතනයේ මුදල් උපයෝගී කරගනිමින් සම්බන්ධ වී ඇති බවට දිසානායක මහතා චෝදනා කරයි.

‍ ‍ කිසිදු සහතිකයක්ල වෛද්‍ය විද්‍යාව පිළිබඳ අධ්‍යාපනයක් හෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳව කිසියම් පිළිගත් ආයතනයක සහතිකයක් හෝ නොමැති එවැනි ආයතනයක රැකියාවක් හෝ නොමැති පුද්ගලයෙකු ජාතික කණ්ඩායමේ වෛද්‍යවරයා ලෙස කටයුතු කිරීම ගැටලුවක් බව මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

‍ කුමාර සංගක්කාර අවසන් මහා තරගය සඳහා අවශ්‍ය කණ්ඩායම වෙනුවෙන් යම් යම් නිර්නායක ඉදිරිපත් කර තිබියදී එම සුදුසුකම් සහිත කණ්ඩායමක් ලබානොදුන් ක්‍රිකට් ආයතනය ඔහු විසින් ඉල්ලා සිටි බව පවසමින් වෛද්‍යවරයා පමණක් ලබාදීමට කටයුතු කිරීම ගැටලු සහගත බව ඔහු පෙන්වාදෙයි.

මේ අනුව එක් දෙයක් පැහැදිලිය. එනම් එලියන්ත වයිට් පිටුපස සිටින අදිසි හස්තයේ ඕනෑ එපාවට සංගක්කාර මේ දේවල් කියූ බවයි. තමන් සුදනන් වීමට අනුන්ගේ අත්වල ලේ තවරන අයව ලගදීම මහජනතාව විසින් නිරුවත් කරනු ඇත.



Tell a Friend