දඩයක් ගහලා දෙන්නම් ! වරද පිළිගන්න ! - නීතිඥ


01. සභාපති
මානව හිමිකම් කොමිෂන් සභාව
108” බාන්ස් පෙදෙස”
කොළඹ 07.

02.ජාතික පොලිස් කොමිෂන් සභාව
03 වන මහළ” රොටුන්ඩා ටවර්”
109” ගාලූ පාර”
කොළඹ 03.

03. පොලිස්පති
පොලිස් මූලස්ථානය
කොළඹ 01.

04. නියෝජ්‍ය පොලිස්පති
බස්නාහිර දිසාව දකුණ
නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය
මිරිහාන”
නුගේගොඩ.

05. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී
පොලිස් අධිකාරී කාර්යාලය
ගල්කිස්ස.

ලිඛිත පැමිණිල්ල
කුරුප්පුගේ ජිනසිරි ප‍්‍රනාන්දු වයස අවු: 41 යි” අවිවාහක” රැකියාව : කුළිවැඩ” ලිපිනය : 10/2” ලකී සෙවන්පුර මාවත” එගොඩඋයන” මොරටුව’ 2011.06. 28 දින දීය.

2011.06.25 වන දින පස්වරු 2.00 ට පමණ” එගොඋයන ලකී සෙවන්පුර යකඩ බඩු කඩය තුළ සිටියදී මාව මොරටුව පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා.

මොරටුව පොලිසියේ සාලිය නමැති පොලිස් නිලධාරියා හා තවත් අයෙකු සමග අල්ලාගෙන ඒ අවස්ථාවේදීම සවලක් අරන් මට එහි මිටෙන් පහර දුන්නා. මාව ඔවුන් පැමිණි ත‍්‍රීරෝද රථයෙන් මොරටුව පොලිසියට ගෙන ගියා.

එසේ ගෙනගොස් සාලිය නමැති නිලධාරියා මගෙන් කුඩු ඉල්ලූවා. මා ළඟ කුඩු නැති බව මා කිව්වා. එයින් පසුව මාව කූඩුවට දැම්මා. එදින සිට 2011.06.28 වන දින දක්වා මාව නිරුවත්කොට ප‍්‍රසන්න නමැති නිලධාරියා ඇතුළු නිලධාරින් මට පහරදී අමානුෂික ලෙස වධහිංසා කරන ලදි.

2011. 06. 27 වන දින මගේ සොයුරිය විසින් මානව හිමිකම් කොමිෂන් සභාවේ හදිසි ඇමතුම් අංකයට කතාකොට පැමිණිලි කර ඇත.

මගේ මව මා වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥ ශර්මිලා මියට පවරා ඇත. මාව 2011.06.25 වන දින අත්අඩංගුවට ගත් බවත් මට පහරදී ඇති බවත් ඇයට පවසා ඇත. එහිදී ඇය ප‍්‍රකාශකර ඇත්තේ අඩුවෙන් දඩයක් ගහලා දෙන්නම්” වරද පිළිගන්න ලෙසයි. නමුත් නීතිඥවරිය මගෙන් උපදෙස් ලබා නොගෙන මට විරුද්ධව පොලිසිය කුඩු තබා ගැනීමේ චෝදනාවට වරදකරු බව ප‍්‍රකාශකර දඩයක් නියම කරවා ගන්නා ලදි. නමුත් ඇය මට පහරදී අසනීප බවත්” 2011. 06. 25 වන දින මා අත්අඩංගුවට ගත් බවත් අධිකරණයට ප‍්‍රකාශකළේ නැත. මාගේ සොයුරිය විසින් දඩය ගෙවීම මත මා අද නිදහස් විය’.

මා ඉල්ලා සිටින්නේ

මා හට අමානුෂික ලෙස පහරදුන් මොරටුව පොලිසියේ ප‍්‍රසන්න නමැති නිලධාරියා ඇතුළු නිලධාරින්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙසයි.

කේ. ජිනසිරි ප‍්‍රනාන්දු

Tell a Friend