සිරියානු ජනාධිපතිවරයා මරා දමන බවට ඊශ්‍රයලේයෙන් තර්ජන

ඊශ්‍රායලය එරෙහිව කුමන හෝ අන්දමේ ප්‍රහාරයක් එල්ල කළහොත් සිරියානු ජනාධිපතිවරයා මරා දමන බවට ඊශ්‍රායල දැනුම් දී ඇති කුවේට් හී පලවන පුවත්පතක් අද නිවේදනය කළේය. කුවේට් හී පල වන අල්-ජරිදා පුවත්පත වාර්තා කළ ආකාරයට අදාළ නිවේදනය තුර්කිය හරහා සිරියාවට ලබා ආදී ඇත්තේ අදාළ රටවල ඔත්තු සේවා විසිනි.

එසේම අදාළ නිවේදනයේ වැඩිදුරටත සඳහන් කොට ඇති ආකාරයට ඊශ්‍රායලයේ උතුරු දේශසීමාවේ ආරක්ෂාව තර කොට ඇති ඇත්තේ හිස්බුල්ලාහ් සංවිධානයෙන් එල්ල වේ යැයි සැක කෙරෙන හදිසි ප්‍රහාරයකින් ආරක්ෂා වීමට සහ නැවත වරක් ඊශ්‍රායල හමුදාවේ අයවලුන් පැහැරගැනීමට ලක් වී යයි ලැබුණු තොරතුරු මතය.

කෙසේ වෙතත මීට සති කිහිපයකට පෙර ඊශ්‍රායලය එරෙහිව සංවිධානය කරනු ලැබූ උද්ඝෝෂනයේ පිටුපස සිටියේ සිරියානු ජනාධිපතිවරයා බව ඇතැම් මාධ්‍ය වාර්තා පේනවා දෙනු ලැබීය. එහිදී ඊශ්‍රායලයේ වෙඩි ප්‍රහාර වලින් සිවිල් වැසියන් විශාල පිරිසක් මරුමුවට පත් වූහ.

Tell a Friend