අද්බුත ලෙඩින් ඉන්දීය ළමුන් 28 ක් මරුට.


ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගෙවීගිය සතියේ හදුනා නොගත් රෝගයකින් ළමුන් 28 දෙනෙක් මරණයට පත් වී ඇත. මෙම ළමුන් වයස අවුරුදු දෙකත් අටත් අයවූ බව වාර්තා වේ.

වයිද්යවරු කණ්ඩායමක් දිල්ලියේ සිට අගහරුවාදා මෙහි පැමිණ ඇත්තේ මෙම රෝගය කුමක්දැයි නිශ්ශය කර ගැනීමටය. දේශීය වෛද්‍යවරුන්ට අනුව මෙම රෝග ලක්ෂණ ජැපනීස් එන්ක්ලොපලයිටිස් රෝගයට සමානය.

ඉරිදා බිහාරයේ මහා ඇමති ප්‍රකාශ කලේ රෝගය තවමත් නිශ්චය කර නොමැති බවයි.

බි බි සි ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා
Tell a Friend