කටුනායක ප්‍රහාරයේදී සේවකයින්ගේ මානව හිමිකම් කඩවී ඇතැයි අන්තරයෙන් පැමිණිල්ලක්

 
පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් පනතට එරෙහිව කටුනායක දී උද්ඝෝෂණයක නිරතව සිටියදී පොලිසිය එල්ල කළ ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගතව සිටින සේවකයින්ගේ මානව හිමිකම් උල්ලංඝණය වී ඇති බවට අන්තර් සමාගම් සේවක සංගමය විසින් අද මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් බාර දෙන ලදී. එහි සභාපති වසන්ත සමරසිංහ සහෝදරයා නීතිඥ සුනිල් වටගල මහතාගේ උපදෙස් පරිදි මෙම පැමිණිල්ල ගොණු කර තිබේ. පොලිස් ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත වූ සේවකයින්ට සිදුවූ හානි සම්බන්ධයෙන්ද මේ වනතෙක් තම රැකියා කර ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් ද තම මානව අයිතිවාසිකම් කඩ වී ඇති බවට සේවකයින් 22 දෙනකුගේ පැමිණිලි 22ක් අද මානව හිමිකම් කොමිසම වෙත බාර දෙන ලදී.

Tell a Friend