ඇමෙරිකානු බොරුව චාවේස් ප්‍රතික්ෂේප කරයි

එක්සත් ජනපදය විසින් වෙනිසුයුලාවේ ජනාධිපති හියුගෝ චාවේස් කියුබාවේ සිදු කරනු ලැබූ සැත්කමකින් පසු බරපතල තත්වයේ පසු වන බවට ඉදිරි පත්කළ අදහස ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරමින් රුපවාහිනී නාලිකාවක් ඔස්සේ ඊයේ පෙනී සිටියේය.

ඒ අනුව වෙනිසියුලාව මෙන්ම කිටුබනු මාධ්‍යන් 56 හැවිරිදි ජනාධිපති චාවේස් කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝ සමඟ ඇවිදින ආකාරයේ සේයාරු සහ වීඩියෝ පට නිකුත් කරනු ලැබීය.

පසුගිය ජුනි 10 වැනිදා සිට ජනාධිපති චාවේස් රුපවාහිනිය ඉදිරියේ පෙනී නොසිටිය අතර හෙතම කුබවේ හවන නුවර පැමිණියේ සැත්කමක් සඳහාය. ජනාධිපතිවරයා විදේශ සංචාරයකට පෙර තමන්ගේ දණහිසේ තුවාලයකින් පීඩා විඳ ඇති අතර ඉන් පසු හෙතම කියුබාව බලා පිටත් විය.

ජනාධිපති චාවේස් 2012 දී තවත් වසර 06 ක් සඳහා වාන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතය.

Tell a Friend