ජාත්‍යයන්තර නීතිඥ සංගමය සිය කනස්සල්ල පල කරයි.

එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටුව පත් කිරීම සහ ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් වන එහි වාර්තාව ශී‍්‍ර ලංකා නීතිඥ සංගමය හෙළා දැකීම පිළිබඳව ජාත්‍යන්තර නීතිඥ සංගමයේ මානව හිමිකම් ආයතනය තම කනස්සල්ල පළකොට සිටී.

මානව හිමිකම් සුරැකීම සඳහා නීතිඥ සංගම්වලට විශාල කාර්යභාරයක් පැවරී ඇතැයි එම ආයතනයේ ප‍්‍රධානී ස්ටර්න්ෆෝඞ් මොයෝ පවසයි.

එමනිසා එජා විද්වත් කමිටුව සහ එහි වාර්තාව ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ හෙළා දැකීමට ලක්වීම තම කණගාටුවට හේතු වන බව ඔහු කියා සිටී.

ජාත්‍යන්තර නීතිඥ සංගමයේ මානව හිමිකම් ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ මාර්ක් එලිස් පවසන්නේල ජාත්‍යන්තර ප‍්‍රජාව සමඟ ඵලදායී සංවාදයක් ඇතිකර ගැනීම වෙනුවෙන් ශී‍්‍ර ලංකා නීතිඥ සංගමය කටයුතු කළයුතු බවයි.

-හර්ෂි-

Tell a Friend