81 හැවිරිදි විශ්‍රාමලත් ජෙනරාල් හෙක්ටෝ මාරියෝ ලෝපස් ෆුන්ටෙස් ගෝතමාලා අගනුවරදී සිකුරාදා රදවා ගනු ලැබිණි.
එෆ්රිඅන් රිඔස් මොන්ට් ගේ හමුදා ආණ්ඩු සමයේ මනුෂ්‍ය සංහාර සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාද සිදු කිරීමට සම්බන්ද වීම පිලිබදව මානව හිමිකම් සංවිදාන ඔහුට චෝදනා කරති.
රටේ 36 අවුරුදු සිවිල් යුද්දයේදී මිනිසුන් 2,00,000 කට වැඩි පිරිසක් මරා දමන ලදී. අතුරුදහන් කරන ලදී. මෙයින් බහුතරය ආරක්ෂක හමුදා අතින් සිදු වූ බව සැලකේ.
බි බි සි ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා

Post a Comment